(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ බණ්ඩාරවෙල උඩ පාර ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේ දී අද (9) මාර්ගය දෙපස මාර ගස්වල බැඳ තිබූ බඹර වද ඇවිස්සීමෙන් එම මාර්ගයේ ගමන් ගත් පිරිසකට බඹරු ඇන ඇතැයි හපුතලේ පොලිසිය කියයි.
යතුරුපැදිවලින් හා පාගමනින් ගිය කිහිප දෙනෙකු බඹරු ඇනීමට ලක් වී ඇති අතර ඉන් දෙදෙනෙකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය කියයි.
එම ස්ථානයෙන් වාහන වලින් ගමන් ගත් පිරිස් වීදුරු වසාගෙන ගමන් කර බඹරුන්ගෙන් ආරක්ෂා වී තිබේ.
කහගොල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස මාර ගස්වල බඹර වද 200 කට අධික සංඛ්‍යාවක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම බඹර වද ඇවිස්සෙන විට එම මාර්ගය භාවිතා කරන්නන් විටින් විට බඹර ඇනීම් වලට ලක්වන බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බඹරු ඇනීමෙන් කහගොල්ලේ දෙදෙනෙක් රෝහලේ