IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වැස්සෙන් බලන්ගොඩ-ඉඹුල්පේ 100ක් පීඩාවට

ප්‍රින්ස් රත්නායක
 

වැසි සහ දැඩි සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන්  බලන්ගොඩ හා ඉඹුල්පේ බල ප්‍රදේශවල පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩාව පත්ව ඇති බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
 
ඉකුත් 7 වැනිදා සිට 9 වැනිදා දක්වා බලන්ගොඩ ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශයේ  ටන්ජන්තැන්න නිවාස 8ක්, පොල්වතුගොඩ නිවාසයක්, මැදබැද්ද නිවාස 2ක්,  කල්තොට නිවාස 2ක්, කෝන්ගහමංකඩ නිවාසයක්, නෙලුයාය නිවාස 2ක්, අල්දොර නිවාසයක් වශයෙන් පවුල් 17ක් සහ ඉඹුල්පේ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ බෙලිහුල්ඔය, පිඩලිගන්නාව, පාගල්ඕවිට, හල්පේ සහ වෑගපිටිය යන ප්‍රදේශයන්හි  පුද්ගලයින්  100 කට ආසන්න පිරිසක්  පීඩාවට පත්ව ඇති බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා සඳහන් කළහ.
 
අදාළ ග්‍රාමසේවා වසම් තුළ ආදාළ නිලධාරීන් මගින් මූලික අධීක්ෂණයන්ට ලක්කර ඔවුන්ට ආපදා සහන සැලසීමට පියවර ගෙන ඇති අතර  අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 10,000ක් ද, නිවාස යථා තත්වයට පත් කිරීමට රුපියල් 10,000කට වඩා වැයවෙන පිරිස සඳහා එම මුදල් ඉල්ලුම්කිරීමට පියවරත්, එම ඉල්ලුම්පත් කැඳවීමෙන් අනතුරුව අදාළ තක්සේරු කටයුතු කර එම සහන සැලසීමට පියවරත් ගනු ලබන බව බලන්ගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්වරු පැවසූහ.



අදහස් (0)

වැස්සෙන් බලන්ගොඩ-ඉඹුල්පේ 100ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11075 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site