(රංජිත් රාජපක්ෂ)
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් හැටන් සහ ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් අද(08) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත එම භාරකාර මණ්ඩලය විසින් හැටන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ව්‍යාජ වෛද්‍යවරයාව පොලිසිය අත්අඩංගුවට ගත්තේය.
හැටන් හජිරාපුර ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබාගෙන සතියට එක් වතාවක් පුත්තලමේ සිට පැමිණි මෙම ව්‍යාජ වෛද්‍යවරයා නිල චිකිත්සාවෙන් විවිධ රෝග සඳහා පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් රෝගීන්ට උපදෙස් ලබා දි රෝගියෙකුගෙන් රු 800බැගින් ද අය කර ඇති බව පොලිසිය කළ මුලික විමර්ශනවලදි අනාවරණය වී ඇත.
හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යනවිටත් ව්‍යාජ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට රොගීන් විශාල පිරිසක් එම නිවසේ රැඳී සිටියහ. රෝගීන් හරහා අත්පත්‍රිකා බෙදාදෙමින් සැකකාර වෛද්‍යවරයා මෙම ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි සැකකරු 46 හැවිරිදි අයෙකු වන අතර, දරුවන් 14 දෙනෙකුගේ පියෙකි. නිල චිකිත්සක වෛද්‍යයවරයෙකු ලෙස පෙනීසිටීමට කිසිදු පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද සහතිකයක් හෝ අවසර පත්‍රයක් සැකකරු සන්තකයේ නොතිබුණු බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්.පලිපාන මහතා කියා සිටියේය.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ඒ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා ද කියාසිටියේ මෙම ව්‍යාජ වෛද්‍යවරයා හැටන් ප්‍රදේශයට පැමිණ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට තම භාරකාර මණ්ඩලය දැනුවත් නොකළ බවත් , එම ව්‍යාජ වෛද්‍යවරයා දිනකට රෝගීන් 80 දෙනෙකු පමණ පරීක්ෂා කර ඇති බවත් , මේ සම්බන්ධයෙන් හැටන් ප්‍රදේශයේ ජනතාවගෙන් තම භාරකාර මණ්ඩලයට ලද පැමිණිල්ලක් මත සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වෛද්‍යවරයෙකුගේ මුවාවෙන් රෝගීන්ට උපදෙස් දුන් අයෙකු දැලේ