බස් වලින් කප්පම් ගන්නා පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ නිලධාරීන් යොදවන්න යයි බස්රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය. 16 September 2020
දිවි නසා ගැනීමට ගිය තරුණයකු හැටන් පොලිසිය මැදිහත් වී බේරා ගනී දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද (16) දින සමත්විය. 16 September 2020
මුහුදට වැටී පුද්ගලයකු අතුරුදන් කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙක් අද (16) මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි කළුතර පොලීසිය කියයි . 16 September 2020
ගිරිතලේ වැවේ ගිලී අයෙක් මරුට ගිරිතලේ වැවේ මාලු ඇල්ලීමට ගොස් දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (16) හමු වු බව මින්නේරිය පොලිසිය කියයි. 16 September 2020
දොස්තරගේ නම විකුණා සල්ලි ගරලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාතික කලාපීය නවදිල්ලි කාර්යාලයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියකගේ නමින් පෙනී සිට ඇය දන්නා හඳුනන අයගෙන් වසර හතක පමණ කාලයක සිට රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචනික ලෙස ලබාගත් බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 16 September 2020
මාවුස්සාකැලේ-කාසල්රී පිටාර මට්ටමට මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර, ජල පෝෂක ප්‍රදේශ වලට මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති. 16 September 2020
රැකියා විරහිත උපාධිධාරීහු විරෝධයේ රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද(16) විවිධ ප්‍රදේශවල විරෝධතාවයේ යෙදී සිටිති. පත්වීම් ලැබූ නමුත්, රැකියා නොලැබුණු පිරිස ද විරෝධතාවට එක්ව සිටියහ. පහත දැක්වෙන්නේ එහි අවස්ථාය. 16 September 2020
මාතලේ පාසලකට පිවිසෙන මාර්ගය වැසූවැයි විරෝධතාවක් මාතලේ විජයපාල විද්‍යාලය වෙත පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ඇතුළුවීම අවහිර කරමින් පොලිසිය විසින් පිවිසුම් මාර්ගය වසා දැමීමට එරෙහිව විරෝධතාවක් අද(16) මාතලේ නුගගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්විණි. 16 September 2020
ගිනි අවි - උණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් දික්වැල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකදි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගිනි අවි හා උණ්ඩ සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද (15) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. 15 September 2020
යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අයෙක් මරුට කන්තලේ සේරුනුවර මාර්ගයේ අද (15) යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ සුරියපුර පොලිසිය කියයි. 15 September 2020
පුවක්ගහවෙලට කඩාවැදුණු වන අලි කුඹුරු වනසති ඉඹුල්පේ පුවක්ගහවෙල, ඉලුක්කුඹුරගොඩ ගමට වන අලි කඩාවැද, අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරුවලට හානි කර ඇති අතර සිය ජීවිත අවදානම් සහගත තත්වයක පවතින බව එම ගම්වැසියෝ පවසති. 15 September 2020
විදුලිසැර වැදී පාසල් සිසුවකු මරුට විදුලිසැර වැදී අසාධ්‍යව රෝහල් ගතව සිටි දියතලාව අලුත්වෙල 15 හැවිරිදි පාසල් සිසුවකු අද (15) මියගිය බව දියතලාව පොලීසිය කියයි. 15 September 2020
රිය අනතුරිකින් යතුරුපැදිකරු මරුට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වින්කොනර් ප්‍රදේශයේදී, ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදිකරු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය අද(15) පැවසීය. 15 September 2020
පළාත් සභා අහෝසි කිරීමේ යෝජනාවක් වලල්ලාවිට ප්‍රා.ස දී සම්මත වෙයි 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ වර්ෂ 1987 දී ස්ථාපිත කරන ලද පළාත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතු යැයි යෝජනාවක් අද(15) වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ දී ඒකච්ඡන්දයෙන් සම්මත විය. 15 September 2020
නිල්වලා ගඟේ මළ සිරුරක් නිල්වලා ගඟේ පාවෙමින් තිබූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(15) සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 15 September 2020
වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිගේ ප්‍රකාශයට විරෝධයක් වවුනියාව, ආසිකුලම, ආචිපුරම් ගම්මානයේ ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිසක් බවට වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.දිලීපන් මහතා කළ ප්‍රකාශයක් හෙළාදකිමින් එම ගම්මානයේ වැසියෝ අද(15) ආචිපුරම් ප්‍රජාශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 15 September 2020
මැර ප්‍රහාර ගැන දිවුලපිටිය ප්‍රා. සභාවේ විරෝධතා ගතවූ මාසයක කාල සීමාවක් ඇතුළත දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මැර ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන්, දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක හසිත විජේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරු එම සභාවේ අද(15) පැවති රැස්වීමේ දී විරෝධය පළ කළහ. 15 September 2020
කෝට්ටේ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් පත්වෙයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිස් වූ පුරපති ධූරයට අයි.එම්.බී.ප්‍රේමලාල් මහතා අද (15) නිතරගයෙන් පත්විය. 15 September 2020
ලොරි-ටිපර් දෙකක් එකිනෙක ගැටෙයි යාපනය, නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, නවගමුව ප්‍රදේශයේ දී අද (15) උදෑසන ලොරි රථයක් ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකළ බව ඊරට්පෙරියකුලම පොලිසිය පවසයි. 15 September 2020
මංකොල්ලකරුවෝ නිවැසියා ඝාතනය කර පලායති ඌරගස්මංහන්දිය බෝගහගොඩවත්ත බුලුගහහංදිය ප්‍රදේශයේදි අද(15) නිවසකට ඇතුළු වූ මංකොල්ලකරුවන් පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා නිවැසි ව්‍යාපාරිකයකු ඝාතනය කර ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 15 September 2020
ලෝකයේ හුදෙකලා හස්තියා ‘‘කාවන්‘‘ට මිතුරෙක් ශ්‍රී ලංකාවෙන් පකිස්තානයට පරිත්‍යාග කර එරට ඉස්ලාමාබාද් සත්වෝද්‍යානයෙහි පීඩාකාරී අන්දමින් ජීවත් වන ‘කාවන්’ හස්තියා කාම්බෝරයේ පිහිටි අභය භූමියක් වෙත රැගෙනයාමට එරට බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටී. 14 September 2020
ඇමැති නාමල් ගමන් ගත් ජීප් රථය අනතුරකට බෙලිඅත්ත තංගල්ල ප්‍රධාන මාර්ගයේ නලගම මංසන්ධිය ආසන්නයේදී අද (14) ඇමැති නාමල් රාජපක්ෂ මහතා ගමන් කළ ජීප් රථය අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 14 September 2020
මොරටුව විල්ලෝරාවත්තේ නිවාස පෙළක ගින්නක් මොරටුව විල්ලෝරාවත්තේ නිවාස පේළියක මීට සුළු මොහොතකට ගින්නක් හටගෙන ඇතැයි මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන ගිනි නිවන නිලධාරී දුල් සිරි කුමාර මහතා පැවසීය. 14 September 2020
මත්ගුලි පැකට් 300 ක් සමඟ අයෙක් පොලිස් දැලේ පාසල් සිසුන් ඉලක්ක කර විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර මත්ගුලි පැකට් 300 ක් කන්තලේ බස් නැවතුම් පොළ අසල වෙලඳසැලක තිබී අද (14) සොයා ගත්බව කන්තලේ පොලිසිය පැවසීය. 14 September 2020
ධීවර දැලක පැටළුණු මළ සිරුරක් ගොඩගනී කල්පිටි කළපුවේ වන්නිමුන්දලම ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ මළ සිරුරක් ධීවර දැලක පැටලී තිබී අද (14 ) හමු වී ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 14 September 2020
ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාදුක්කේ ඇළක අත් පා බැඳ පාදුක්ක ලියන්වල පුස්ඇලි ඔයේ අතු ඇළකට දමා ඝාතනය කළ බව කියන තරුණයකුගේ මළ සිරුරක් අද(14) එම ස්ථානයේ තිබී සොයාගත් බව පාදුක්ක පොලිසිය කියයි. 14 September 2020
නිවාස 5කින් ලක්ෂ ගණනක දේපළ සොරාගත් අයෙකු දැලේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නිවාස පහකින් රුපියල් ලක්ෂ ගණනක දේපළ සොරා ගත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 September 2020
මාතලේ ඇටපොළ රක්ෂිත මායිම් කෙරේ වනාන්තර රක්ෂිත ප්‍රදේශයක් ලෙස මාතලේ ඇටිපොළ කන්ද සංරක්ෂණය කිරිම සඳහා මායිම් ලකුණු කිරිමේ මිනුම් කටයුතු ආරම්භ කළ බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය පැවසුවාය. 14 September 2020
මුලතිව් හි වෑන් රථයක් පෙරැළීමෙන් 12 කට තුවාල මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් බල ප්‍රදේශයේ වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් අද (14) අනතුරට ලක් වී වෑන් රථය පෙරැළීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 14 September 2020
කුරුණෑගල කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කරයි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අප්‍රසාදය පළ කළහ. 14 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025