වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිගේ ප්‍රකාශයට විරෝධයක්
වවුනියාව, ආසිකුලම, ආචිපුරම් ගම්මානයේ ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පිරිසක් බවට වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.දිලීපන් මහතා කළ ප්‍රකාශයක් හෙළාදකිමින් එම ගම්මානයේ වැසියෝ අද(15) ආචිපුරම් ප්‍රජාශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.