ගිනි අවි තුනක් ළග තබාගෙන දඩ කයි ගිනි අවි තුනක්, උණ්ඩ 7ක් සහ වෙඩිබෙහෙත් ග්‍රෑම් 43 ක් ළඟ තබාගත් පුද්ගලයෙකුට රුපියල් 45,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය. 21 September 2020
නානුඔය වතු කම්කරුවෝ විරෝධතාවක නුවරඑළිය, නානුඔය, උඩ රදැල්ල තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්, වතු පාලනාධිකාරියට එරෙහිව අද (21) උද්ඝෝෂණයක නිරත වූහ. 21 September 2020
මුහුදෙන් පාවී ආ හෙරොයින් කිලෝවක් සින්නපාඩු වෙරළට මුහුදෙන් පාවි ආ හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සින්නපාඩු වෙරළේ තිබියදී සොයා ගත් බව උඩප්පුව පොලිසිය කියයි. 21 September 2020
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ගුණ සැමරේ පානදුරාවාදයේ නිර්මාතෘ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ 130 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් බලපිටිය ගුණානන්ද විද්‍යාලය සංවිධානය කළ මිගෙට්ටුවත්තේ පිහිටි ගුණානන්ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද (21) පැවැත්විණි. 21 September 2020
වත්තලට පැය 24ක් වතුර කපයි වත්තල ප්‍රදේශ කිහිපයකට අද(21) රාත්‍රී 8.00 සිට හෙට(22) රාත්‍රී 8.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. 21 September 2020
බලන්ගොඩ නිවසකින් තුවක්කු-ජීව උණ්ඩ සොයාගනී බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් තොරවෙලකන්දේ නිවෙසක සඟවා තිබූ විවිධ වර්ගයේ තුවක්කු 5ක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අද(21) අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය කියයි. 21 September 2020
රක්වානේ නිවාස 21ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන්න උපදෙස් රක්වාන ගංගොඩවත්ත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බැවින් නිවාස 21 ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (21) උපදෙස් ලබා දී තිබේ. 21 September 2020
කෝටියක කේරළ ගංජා සෙරික්කන් වෙරළ තීරයෙන් සොයාගනී ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවකින් කිලිනොච්චිය සෙරික්කන් වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 77 ග්‍රෑම් 380 සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 21 September 2020
අඩුබර පාන් විකිණූ වෙළෙඳුන් 21 කට නඩු කොළඹ දිස්ත්‍රික්කයේ අඩු බර පාන් අලෙවි කළ බේකරි හා වෙළඳසැල් 40 ක වැටලීම් කර 21 දෙනෙකුට නඩු පැවරූ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 21 September 2020
මහවැව කඩුපිටියඔයේ වම්ඉවුර කැඩීයාමේ අවදානමක් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කුඩාවැව වෙල්යාය හරහා ගලා බසින කඩුපිටිඔයේ වම්ඉවුර කැඩීයාමේ තර්ජනයට ලක්ව තිබේ. 21 September 2020
යතුරුපැදි අනතුරකින් පුද්ගයෙක් මරුට අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර නගර මධ්‍යයේදි අද (21 ) යතුරු පැදියක ගැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 21 September 2020
කිලිනොච්චියේ දුම්රිය අනතුරකින් තරුණයකු මරුට කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ දී අද (21) උදෑසන දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් තරුණයකු මිය ගොස් පොලිසිය පවසයි. 21 September 2020
දියණියට මත්පෙති පෙවූ පියා අත්අඩංගුවට තම දියණියට මත්පෙති යැයි සැක පෙති වර්ගයක් බලහත්කාරයෙන් පොවන ලද පියෙකු පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය. 21 September 2020
ලග්ගල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු, පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. 21 September 2020
යාපනය සරසවියේ නවකවදය දුන් 4කගේ පන්ති තහනම් යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමින් නවක වදය ලබාදුන් බවට දැනට හඳුනාගෙන ඇති සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කළ බව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අද( 20) පැවසීය. 21 September 2020
මත්කුඩු සමඟ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් දැලේ මහා පරිමාණයේ මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු හා ඒවා පානය කිරීම සඳහා පැමිණි පුද්ගලයන් නව දෙනෙකු අද (20) මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය පැවසීය. 20 September 2020
ගිනි අවි තුනක් සමඟ අයෙක් අත්අඩංගුවට ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් , මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියට යොදා ගන්නා උණ්ඩ 7 ක් සමඟ පුද්ගලයෙකු අද (20) අත්අඩංගුවට ගත්බව බලංගොඩ පොලිසිය පැවසීය. 20 September 2020
රුපියල් 60,000 ක හොරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර සුපිරි වෙළෙඳ සැලක් අසල දී රුපියල් 60,000 ක් පමණ වටිනා හොරොයින් මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත්බව වැලිකඩ පොලිසිය කියයි. 20 September 2020
ලක්ෂ තුනක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට වැලිකඩ පොලිස් වසමේ අද (20) සිදුකළ වැටලීම් කීපයකදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමඟ පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 20 September 2020
අඟුණකොලපැලැස්සෙන්-වැලිකඩින් ජංගම දුරකතන 5ක්-සිම් 5ක් අඟුණකොලපැලැස්ස හා වැලිකඩ බන්ධනාගාරවල සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුම් දෙකක දී ජංගම දුරකතන 4ක් හා සිම්පත් 5ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 20 September 2020
හමුදාවේ ඉදිකිරීම්වලට යැයි කියා විහාරස්ථානවලින් මුදල් වංචා කරලා යුද හමුදාවේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩවලට ආධාර යැයි පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලට ගොස් හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අද (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි. 20 September 2020
පොලිස් නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ අයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක නිලධාරීන්ට පිහියකින් ඇන පලායාමට තැත් කළ පුද්ගලයෙකු අද(20) අටුලුගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 20 September 2020
බඹරු ඇනීමෙන් කතුන් තිදෙනෙකු රෝහලේ හපුතලේ තොටලාගල වත්තේ සේවය කරමින් සිටි පිරිසකට අද (20) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් තුන් දෙනෙකු හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 20 September 2020
කුකුල් මස් වෙළඳාමේ මුවාවෙන් සිසුන්ට ‘මාවා’ විකුණලා කුකුල් මස් වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන්, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් “මාවා” නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය පැකට් 75ක් සහ ඒවා සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 20 September 2020
මාතලේ බලකඩුව මාර්ගයක් අසළ මළ සිරුරක් මහනුවර-යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ බලකඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී වයස අවුරුදු 48 පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් අද(20) සොයාගත් බව මාතලේ පොලිසිය පවසයි. 20 September 2020
බෙලිඅත්තේ නිවසකින් ගිනි අවි රැසක් සොයාගනී බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබූ, ගිනි අවි සහ පතුරොම් තොගයක් සමඟ පුද්ගලයකු අද(20) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති. 20 September 2020
ලක්ෂ 45 ක ග්ලයිෆොසේට් සූරියවැව නිවසකින් අල්ලයි ඉන්දියාවේ සිට ගෙන්වා නිවසක සඟවා තබාගෙන අලෙවි කරමින් තිබූ රුපියල් ලක්ෂ 45ක පමණ වටිනා ග්ලයිෆොසේට් නැමති තහනම් වල් නාශක තොගයක් සුරියවැව මහපැලැස්සේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 September 2020
ධීවර තොටුපළක කහ කිලෝ 305 ක් ධීවර බෝට්ටු තුළ සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මන්නාරම, ධීවර තොටුපළක සඟවා තිබූ වියළි කහ කිලෝ 305 ග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 20 September 2020
මහනුවර ගොඩනැගිල්ලක් කඩාවැටී දෙදෙනක් අතුරුදන් මහනුවර බුවැලිකඩ පිහිටි මහල් පහක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත. 20 September 2020
නාවලපිටිය කැටබුලාව මාර්ගයේ ගමනාගමනයට බාධා නාවලපිටිය කැටබුලාව හරහා කොත්මලේ මාර්ගයේ නවතිස්පනේ හෙනවල ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතු අද(20) අලුයම සිට සම්පූර්ණයෙන්ම අඩාල විය. 20 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025