
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රක්වාන ගංගොඩවත්ත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී ඇති බැවින් නිවාස 21 ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද (21) උපදෙස් ලබා දී තිබේ.
මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ගංගොඩවත්ත ප්‍රදේශයේ බෑවුම් සහිත ස්ථානවල පදිංචිකරුවන්ට තාවකාලිකව ඉවත් වෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
භූවිද්‍යා කාර්‍යංශය මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතව ඇති බවත් එහි නිගමනය අනුව ගංගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 21 ස්ථිරවම ඉවත් කරන්නේදැයි තීරණය කරන බව ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ප්‍රදේශවාසින්ට දැනුම් දී තිබේ.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදිතා ද සොයිසා මහත්මිය ඊයේ ගංගොඩවත්ත ප්‍රදේශයට ගොස් නායයාමේ අවදානම් කලාපයේ නිවෙස්වල පදිංචිකරුවන් හමුවී සාකච්ඡා කළාය.
එම ප්‍රදේශයේ මාර්ගවලට පස් කඳු කිහිපයක් කඩා වැටී තිබු අතර අවදානම් නිවෙස්වල පදිංචිකරුවන්ට තාවකාලික ආරක්ෂිත ස්ථාන වෙත යෑමට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරිය උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදීතාද සොයිසා මහත්මිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රක්වානේ නිවාස 21ක පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන්න උපදෙස්