IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ධීවර තොටුපළක කහ කිලෝ 305 ක්

 

(සිතුම් චතුරංග)

ධීවර බෝට්ටු තුළ සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මන්නාරම, ධීවර තොටුපළක සඟවා තිබූ වියළි කහ කිලෝ 305 ග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.           

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් වියළි කහ ගෙන්වන පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත ධීවර තොටුපළ ආශිතව සිදු කළ පරීක්ෂාවක දී වියළි කහ තොගය හා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.         

කිසිවෙකුට සැක නොසිතෙන පරිදි ගෙන්වූ කහ තොගය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක පටවා කොළඹට රැගෙන යාමට නියමිතව තිබූ බවට අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.     

සැකකරු වියළි කහ ගෙන්වීමට යොදා ගත් ඩිංගි යාත්‍රාකවද පොලිස් බාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් ඉන්දියාවට ගොස් මෙම වියළි කහ රැගෙන ආවේද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.           

රජය විසින් කහ ආනයනය තහනම් කර ඇති අවස්ථාවක නීතිවිරෝධී ලෙස ජාවාරම්කරුවන් මෙලෙස කහ රැගෙන ඒම සිදුකරන බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම එමිල්නගර් පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

ධීවර තොටුපළක කහ කිලෝ 305 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site