ගෙදර ගංජා පැළ සිටවූ ස්වීඩන් ජාතිකයා අත්අඩංගුවට මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ දෙමහල් නිවසේ ගංජා පැළ වැවූ සුවිඩන් ජාතිකයකු අද (27) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 27 September 2020
වෙල්ලස්සේ සියලු පීඨ 5 දා අරඹයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් මස 5 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි. 27 September 2020
රිය අනතුරකින් හමුදා සෙබළු තිදෙනෙක් රෝහලේ හල්දුම්මුල්ල නිකපොත කුමාර තැන්න ප්‍රදේශයේ දී හමුදා ටක් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළු තිදෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව පොලිසිය කියයි. 27 September 2020
ගංජා තොගයක් සමග 6ක් අත්අඩංගුවට කැළණිය කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් කේරළ ගංජා කිලෝ 40 ක්, ත්‍රි රෝද රථ , කැබ් රථයක් සමග සැකකරුවන් 06 දෙනෙක් අද (26) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 26 September 2020
නීතිවිරෝධී දුම්වැටි 10,000ක් අත්අඩංගුවට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශය විසින් අද (26) කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකින්, නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බෙන්සන් වර්ගයේ දුම්වැටි 10,000ක් (කාටුන් 50ක්) අත්අඩංගුවට ගෙන ඇත. 26 September 2020
ලොරි රථයකට යටවී පුද්ගලයකු ජීවිතක්ෂයට හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ යකඩ පට්ටම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුපසට ධාවනය වූ ලොරි රථයකට යටවී එහි සේවය කළ ඉන්දියන් ජාතික පෑස්සුම් ශිල්පියෙකු අද (26) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි . 26 September 2020
දෙල්ගොඩ ගඟේ මළසිරුරක් කලවාන දෙල්ගොඩ පුබුදුගම පෞද්ගලික විදුලි බලාගාරයක සේවය කළ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) දෙල්ගොඩ ගඟේ තිබියදී සොයාගත් බව කලවාන පොලීසිය කියයි. 26 September 2020
අධි රුධිරපීඩන පෙති ගිලදැමූ සිඟිත්තා රෝහලට අධි රුධිර පීඩනයට ප්‍රතිකාර වශයෙන් රෝහලකින් ලබාදී තිබු බෙහෙත් පෙති ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වයස අවුරුදු 1 ½ ක ළදරුවෙකු අද (26) මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 26 September 2020
බූවැලිකඩ ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සොයා පරීක්ෂණයක් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පසුගියදා කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල ඉදිකළ සමාගම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 25 September 2020
හොර කච්චේරියක් අල්ලයි විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මාලිගාකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර කච්චේරියක් වටලා ලියකියවිලි රැසක් අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 25 September 2020
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඔත්තුකරුට පහර දෙයි මදුරන්කුලිය කන්ද තොඩුවාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලිසිය පැවසීය. 25 September 2020
බාල වයස්කාර දැරියක දූෂණය කළ අයෙකු වසර 20ක් හිරගෙට අට හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද රුපියල් 25,000ක් දඩයක්ද එම දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද ගෙවීමට අද (25) නියම කළේය. 25 September 2020
හෙට කොළඹට පැය 10ක් වතුර කපයි කොළඹ නගරයේ ස්ථාන රැසකට හෙට(26)රාත්‍රී 8.00 සිට අනිද්දා(27) පෙරවරු 6.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 25 September 2020
සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලයේ තීරණයකට ගුරු විරෝධයක් රුවන්වැල්ල රාජසිංහ මධ්‍යම මහා විදුහලේ සිසුවෙකු එහි ගුරුවරයෙකුට පහරදිමෙන් පසු එම සිසුවා පාසලෙන් ඉවත් කිරිමට විනය මණ්ලය ගත් තීරණය වෙනස් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන කාර්යාලය සිසුවා පාසලට ඇතුළත් කිරිම ගැන විරෝධය පළකරමින් එම විදුහලේ ගුරුවරුන් අද (25 ) සේවයට වාර්තා නොකළහ. 25 September 2020
සුදු හඳුන් දැව තොගයක් සමඟ 3දෙනෙකු දැලේ බලපත්‍ර නොමැතිව කැබලි කළ සුදුහඳුන් තොගයක් අත්ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය කියයි. 25 September 2020
වගා ළිඳකට වැටී සිටි තුන්පත් රෑනක් ගොඩ ගනිති දිඹුලාගල කලුකැලේ ගම්මානයට අයත් වෙල්යායේ වගා ළිඳකට මීට දින දෙකකට ඉහත දී වැටී සිටි තුන්පත් රෑනක් වෙහෙරගල වනජිවී නිලධාරීහු ගොඩට ගෙන අසළ කලුකැලේ රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ. 25 September 2020
තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු මරාදමලා කොස්ගොඩ ගොඩගමදි අද (25 ) තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි. 25 September 2020
යතුරු පැදිය ගසක හැපී පුද්ගලයෙක් මියයයි ගිරිතලේ බකමූණ මාර්ගයේ කෝට්ටපිටිය ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක සහ අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරණයට පත්වී ඇතිබව බකමූණ පොලිසිය පැවසීය. 24 September 2020
හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අයෙක් අත්අඩංගුවට ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අද (24) පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ පොලිසිය පැවසීය. 24 September 2020
නිරෝධායනය මධ්‍යස්ථානයකින් පලා ගිය අයෙකු අල්ලාගනී මාලදිවයිනේ සිට මෙරටට පැමිණ පොලොන්නරුව , අරලගංවිල , දම්මින්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අනවසරයෙන් පිටතට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද (24) පැවැසීය. 24 September 2020
විදුලිය ඇන හිටීමෙන් දඹුලු ආර්ථිකයේ වැඩ අඩාලවෙයි විදුලිය ඇන හිටීම නිසා සහ විදුලි උත්පාදක යන්ත්‍ර අක්‍රීය වීමෙන් අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දෛනික සේවා කටයුතු දැඩි අර්බුදයකට පත්ව තිබේ. 24 September 2020
ලක්ෂ 8 ක කහ සමඟ දෙදෙනකු අත්අඩංගුවට මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පිහිටි යුද හමුදාවේ 543 වන බලසේනා මාර්ග බාධකයේදී සවස කළ සෝදිසියකදී රුපියල් ලක්ෂ 8 කට අධික වටිනාකමින් යුත් කහ කැබලි කිලෝ 203 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු යුදහමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 September 2020
පිළිස්සුණු කාන්තාවකගේ සිරුරක් හමුවෙයි දික්වැල්ල ප්‍රදේශයේ දී සිය නිවස ඉදිරිපිට මිදුලේ තිබූ වයෝවෘධ කාන්තාවකගේ පිළිස්සුණු සිරුරක් අද ( 24) හමුවූ බව දික්වැල්ල පොලිසිය පවසයි . 24 September 2020
දකුණු පළාතේ පවුල් සීයයට 31කට පානීය ජලය නෑ දකුණු පළාතේ පවුල් 31%ක් සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති බවත් ඔවුන්ට ලැබෙන්නේ අර්ධ හෝ මුළුමනින් ම අනාරක්ෂිත පානීය ජල සැපයුමක් බවත් දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා කීවේය. 24 September 2020
වැලිකන්දේ ලොරි රථ අනතුරකින් අයෙක් මරුට පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, රුහුණුකෙත හන්දිය ප්‍රදේශයේ දී අද (24) සිදු වූ අනතුරකින් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. 24 September 2020
කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට තලෙයිමන්නාරම සිට ඇඹිලිපිටිය දක්වා මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ ලොරි රථයක් තුළ සඟවා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 103 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයින් දෙදෙනකු මඩු, කුංචිකුලම් හීදි අත්අඩංගුවටගත් බව මඩු පොලිසිය කියයි. 24 September 2020
කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත වන්නි දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ධම්මික ප්‍රියන්ත මහතා කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබ සිටී. 23 September 2020
බොරලු කැපීමට එරෙහිව දංකොටුවේ උද්ඝෝෂණයක් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටහිර හාල්ඳඬුවන ප්‍රදේශයේ අක්කර පහකින් යුත් පොල් ඉඩමක බොරලු කැපීමට එරෙහිව එම ගම්වාසීන් අද( 23) දහවල් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ. 23 September 2020
ජලභීතිකා බියෙන් බලන්ගොඩ කැළඹෙයි බලන්ගොඩ නගරයේ නිදැල්ලේ සැරිසැරූ සුනඛයන් සපා කෑමෙන් 20 කට අධික පිරිසක් ජලභීතිකා එන්නත් ප්‍රතිකාර ලබාගෙන ඇති බව බලන්ගොඩ රෝහල් ආරංචි පවසයි. 23 September 2020
සිසුන්ට ගංජා අලෙවි කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට බේරුවල, මතුගම, කළුතර ඇතුලු අධ්‍යාපන කොට්ඨාසයන්හි සිසුන් ඉලක්ක කර කේරළ ගංජා ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා සෙබළෙකු කේරල ගංජා ග්‍රෑම් 200 ක් හා ගංජා සුරුට්ටු ඉරීමට ගන්නා දුම්වැටි ෆිල්ටර් 35 ක් සමග අද (23) අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති. 23 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025