නිරෝධායනය මධ්‍යස්ථානයකින් පලා ගිය අයෙකු අල්ලාගනී
මාලදිවයිනේ සිට මෙරටට පැමිණ පොලොන්නරුව , අරලගංවිල , දම්මින්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අනවසරයෙන් පිටතට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව් කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද (24) පැවැසීය.