IMG-LOGO

ජලභීතිකා බියෙන් බලන්ගොඩ කැළඹෙයි

 

(ප්‍රින්ස් රත්නායක)

බලන්‌ගොඩ නගරයේ නිදැල්ලේ සැරිසැරූ සුනඛයන් සපා කෑමෙන්  20 කට අධික පිරිසක් ජලභීතිකා එන්නත් ප්‍රතිකාර ලබාගෙන ඇති බව බලන්‌ගොඩ රෝහල් ආරංචි පවසයි.

මේ සම්බන්ධව බලන්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහාගෙන් විමසීමක් කළෙමු.

“බලන්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ බානස්රත්වත්ත මාවත ආසන්නයේ පුද්ගලයින් 20කට අධීක පිරිසක් සපා කෑ සුනඛයෙක් අල්ලා කූඩු කරනු ලැබුවා. එම සතාගේ හැසිරීම සැකයි. මේ ඒක සිද්ධීයක්. බලන්‌ගොඩ දිගදුර හිල්බර්න් විද්‍යාලයට යන මාර්ගයේදීත් 21 වැනිදා 4 දෙනෙක් සුනඛයෙක් සපා කා තිබෙනවා. එහි වූ පිරිසක් සුනඛයාට ගසා මරා තිබෙනවා පසුව එම සුනඛයාගේ හිස කොළඹ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඊයේ (22) දින යොමු කරනු ලැබුවා. එදිනම රාත්‍රියේ අපිට දැනගන්නට ලැබුණා එම සුනඛයාට ජලභීතිකාව ඇති බවට තහවුරු කර ඇතිබව. මෙම ප්‍රදේශ තුළ අපි සුනඛයින්ට ජලභීතීකා එන්නත් කරපු ප්‍රදේශ.  සිද්ධිවලින් සපා කෑ පුද්ගලයින්ට බෙහෙත් හා එන්නත් ලබාදී තිබෙනවා. බළංගොඩ ප්‍රදේශයට විශේෂ නිවේදන ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධීකාරී ඉරේෂා පතිරගේ මහත්මිය සමඟ සාකච්ඡා  කර තවදුරටත් අවශ්‍ය පියවර ගන්නවා යැයි පැවසීය.”

බළංගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ.කොතලාවල මහතා සඳහන් කළේ එම සුනඛයන් ඇල්ලීමට කටයුතු කළ පිරිස් සහ  තවත් සමීප වූ පුද්ගලයන් බොහෝ පිරිසක් තවමත් ප්‍රතිකාර ගෙන නොමැති බවට වාර්තා වී තිබෙන බවයි. 

 



අදහස් (0)

ජලභීතිකා බියෙන් බලන්ගොඩ කැළඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 572 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site