IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොරි රථයකට යටවී පුද්ගලයකු ජීවිතක්ෂයට



(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම, කටුවාන  කර්මාන්තපුරයේ  යකඩ පට්ටම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුළ කාර්මික දෝෂයක් හේතුවෙන් පසුපසට ධාවනය වූ ලොරි රථයකට යටවී එහි සේවය කළ ඉන්දියන් ජාතික පෑස්සුම් ශිල්පියෙකු අද (26) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ලක්නව් නුවර, උත්තර ප්‍රදේශයේ, කුසී නගරයේහි පදිංචි භාරති දිලිප් කුමාර්  නමැති 40 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා අද දහවල් කර්මාන්ත ශාලාවට  පිවිසෙන බෑවුම් සහිත මාර්ගය අසල යකඩ පට්ටම් තොගයක් පාස්සමින් සිටියදී  එකවරම මාර්ගයේ ඉහළ නවතා තිබූ මෙම ලොරි රථය පසුපසට ධාවනය වී මෙම පුද්ගලයා යට  කරගෙන පසුපස තිබූ තාප්පයක් ද කඩාගෙන ගොස් අනතුර සිදුව තිබූ බව පොලිසිය පවසයි.

ඉන් යකඩ පට්ටම් පාස්සමින් සිටි ඉන්දියානු ජාතික පෑස්සුම් ශිල්පියා එම ස්ථානයදීම මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පසුව එම  ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

අනතුර සිදුකළ ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලොරි රථයකට යටවී පුද්ගලයකු ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site