IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 8 ක කහ සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පිහිටි යුද හමුදාවේ 543 වන බලසේනා මාර්ග බාධකයේදී සවස කළ  සෝදිසියකදී රුපියල් ලක්ෂ 8 කට අධික වටිනාකමින් යුත් කහ කැබලි කිලෝ 203 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු යුදහමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
54 වන සේනාංකයට අයත් 543 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් විසින් යොදා ඇති මාර්ග බාධකයේදී මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කොට ඇත.
 
එහිදී ලොරි රථය තුල සඟවා තිබූ අදාල කහ කැබලි තොගය හමු වී ඇති අතර ලොරි රථයේ ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
 
අදාල කහකැබලි තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දකුණු ප්‍රදේශයට විකිණිමට සූදානම් කර තිබූ බවට යුද හමුදාව විසින් අනාවරනය කොට ගෙන ඇති තර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලීසියට භාරදීමට පියවර ගත් බවට යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

ලක්ෂ 8 ක කහ සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site