මානන්කට්ටිය පාසලට ගුරුවරුන් ඉල්ලා සිසුහු-මව්පියවරු විරෝධයේ
ගලෙන්බිදුණුවැව මානන්කට්ටිය සාරානන්ද පාසලට දෙමළ, ගණිතය, විද්‍යාව, චිත්‍ර හා භූගෝලය විෂයන් සඳහා ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා සිසුහු සහ මව්පියවරු පිරිසක් කැකිරාව බී 133 මාර්ගය, අමුණුකුල හන්දියෙන් හරස් කරමින් පාසල ඉදිරිපිට අද(21) උද්ඝෝෂණයක නිරත වුහ.