(ක.ග. කරුණාරත්න)
ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල යුද හමුදා මාර්ගයේ හැපී පෙරළීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 27 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ හබරණ ත්‍රිකුණාමලය පාර පදිංචි සම්පතා වඩුගේ මනෝජ් ජයසංඛ සිල්වා(27) යන අයයි.
රිය අනතුරට හේතුව අපරීක්‍ෂාකාරී රිය ධාවනය බව පොලීසිය සිදු කල විමර්ශන වලදී හෙළිවී තිබේ.
එම අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරා බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ සැකකාර රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ ගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය දඹුල්ල මහ රෝහලේදී අද(22) සිදු කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ.
හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනතුරින් ත්‍රිරෝද රියදුරු මරුට