
(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය,පැරකුම්පුර ප්‍රදේශයේදී විවාහක පුද්ගලයෙකු සිය අනියම් පෙම්වතියට පිහියෙකින් ඇන ඝාතනය කර සැකකරුද සියදිවි හානිකරගෙන ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
එසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඟළුම් සේවිකාවක වන මැදිරිගිරිය,දියසෙන්පුර,බිසෝ උයන, පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මල්ලිකා කුමාරී දිසානායක නැමැති 26 හැවිදි විවාහක කාන්තාවකි.
ඇගේ මළ සිරුර මැදිරිගිරිය පොලිස් වසමට අයත් කවුඩුල්ල පිනාමංකඩ අමුණට නුදුරු පාළු වෙල් යායක තිබී අද (23) හමුවී ඇත.
මැදිරිගිරිය,පදිංචි 28 හැවිරිදි විවාහක එක්දරු පියෙකු වන සැකකරු තම ගෙවත්තේ පිහිටි ගසක එල්ලී සිටියදී ඔහුගේ මළ සිරුරද පොලීසිය අද(23) උදේ සොයා ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ කාන්තාව සහ එම පුද්ගලයා අතර කාලයක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් මොවුන් දෙදෙනාම විවාහකයන් බවත් විමර්ශන වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ඔහු මෙම මිනීමැරුම සිදුකල බවට ලියා තැබූ ලිපියක්ද ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන උල් පිහියක්ද පොලීසියට හමුවී තිබේ.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනියම් පෙම්වතිය ඝාතනය කර පෙම්වතා දිවි හානි කරගනී