IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාඔයේ වැලිගොඩ දැමූ අයෙකුට දඩ

(ටෝනි කරුණානායක)

කොටදෙනියාව ප්‍රදේශයෙන් ගලා බස්නා මා ඔයේ ඉවුරු සෝදා යන අයුරින් වැලි ගොඩ දැමීමට සම්බන්ධ පුද්ගලයෙකු කොටදෙනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට රුපියල් 50,000 ක දඩයක් මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (21) නියම කළේය.

බඩල්ගම ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි අපෝන්සු පෙරේරා නැමැති අයෙකුට මෙසේ දඩ නියම කෙරුණි.

විත්තිකරු වැලි ගොඩ දැමීමට උපයෝගී කර ගෙන තිබූ සවලක් සහ පනිට්ටුවක් කොටදෙනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.  එම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසට නියම කළ අධිකරණය පරිසරයට හානි වන අයුරින් ඉදිරියේදිත් කටයුතු කළහොත් දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට අවවාද කළේය.

බලපත්‍රයක් නොමැතිව පරිසරයට හානි වන අන්දමින් කොටදෙනියාව සහ බඩල්ගම හරහා ගලා බස්නා මා
ඔයේ ඉවුරු සෝදා යන අයුරින් වැලි ගොඩ දමන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණෙයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ අධිකරණයෙන්කොටදෙනියාව පොලිසියට වැඩිදුරටත් නියම කළේය.



අදහස් (0)

මාඔයේ වැලිගොඩ දැමූ අයෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site