IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සේවකයෝ එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙති

(ඩයනා උදයංගනී)

කොල්ලුපිටියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී ගොඩනැගිල්ලෙහි ඉරි තැලීම් හා කොටසක් ගිලා බැසීමක් සිදුව ඇතැයි පවසමින් එහි සේවකයින් අද (22) ගොඩනැගිල්ලෙන් ඉවත්ව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් එහි පැමිණ පරීක්‍ෂාවක් සිදුකර ගොඩනැගිල්ල අවදානම් නොමැති බව තහවුරු කිරීමෙන් පසු යළිත් එහි සේවය කිරීමට සේවකයන් එකඟ වී තිබේ.

පෞද්ගලික ආයතනයක් විසින් ඒ ආසන්නයේ ඉදිකරමින් ඇති මහල් 30 කින් පමණ සමන්විත ගොඩනැගිල්ලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි වාර්තා වේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ ආසන්නයේ සිදුවන ඉදිකිරීමක් හේතුවෙන් ටික දිනක සිට අධිකාරී ගොඩනැගිල්ල පුපුරා ඉරිතලා ගොස් ඇති බවයි.

එමෙන්ම එහි ජල හා විදුලි කාන්දුවීම් සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලීසිය, උසාවිය ඇතුළු සියලු බලධාරීන්ට දැනුම් දී ඇතැයි කී එම නිලධාරියා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ද පැමිණ මෙය නිරීක්‍ෂණය කළ බව කීවේය.

මහනුවර දී පසුගියදා ඇති වූ සිද්ධිය නිසා මේ වන විට මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සේවකයන් දැඩි බියකින් කටයුතු කරන බවත්, ඔවුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වූයේ එම බිය නිසා බවත් ඔහු කීවේය.

මෙම ස්ථානයේ පරීක්‍ෂාවට පැමිණි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ තාක්‍ෂණික ඉංජිනේරු අංශයේ අධ්‍යක්‍ෂ කේ.එන් බණ්ඩාර මහතා පැවසුවේ ඒ ආසන්නයේ ඉදිකෙරෙන උස් ගොඩනැගිල්ලක පොළව යටට ඉදිකෙරෙන මහල් කිහිපයක් සඳහා පොළව හෑරීමේදී ආරක්ෂාවට බැඳ ඇති බැම්මෙහි දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි.

ඉදිරියේදී මෙහි අවදානම් තත්ත්වයක් මතුවන්නේ ද යන්න ගැන නිරන්තරයෙන් පරීක්‍ෂා කරන බව කී ඒ මහතා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආසන්න ගොඩනැගිල්ල ඉදිකරන පාර්ශවයන්ට උපදෙස් දී ඇතැයි ද කීවේය.



අදහස් (0)

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සේවකයෝ එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site