
(එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක 12වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයෙකුගේ මළ සිරුරක් අද (23 ) උදෑසන බලපිටිය හරස් පොළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදි සොයා ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ පාසල් ශිෂ්‍යයා බලපිටිය පාතේගම පදිංචි 17හැවිරිදි අයෙකි.
ඔහු ගිය වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම 'ඒ' සාමාර්ථ ලබා ලබන වසරේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය ලිවීමට නියමිතව සිටි ශිෂ්‍යයෙකු බවද පොලීසිය කියයි.
මේ ශිෂ්‍යයා මීට දින දෙකක පටන් නිවසින් අතුරුදන්ව ඇතැයි කියමින් ඔවුන්ගේ දෙමාපියන් පොලීසියට පැමිණිළි කර තිබූ බවද පොලීසිය කියයි.
මරණ පරීක්ෂණය අද (23 ) දහවල් බලපිටිය රෝහල් මරණ පරීක්ෂිකා කේ.වගාඅරච්චි මහත්මිය බලපිටිය මූලික රෝහලේදි පැවැත්වීමට නියමිතය.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් සිසුවකුගේ සිරුරක් බලපිටිය වෙරළේ