පොල්ගසකින් ඇදවැටී අයෙක් මරුට පොල් ගසක් කපන්නට ගසට නැග, එහි මැද හිඳිමින් ඉහළ කොටස කපද්දී, එම කොටස එකවරම බිමට ඇද වැටීම නිසා දෙදරීමට ලක් වූ පහළ කොටසේ රැඳී සිටි පුද්ගලයා බිමට ඇද වැටී අද (19) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 19 September 2020
බාලකුමාර්ගේ පාගමන පින්නදුවෙන් නිමාකරයි කොරෝනා වසංගතය මර්දනය කිරීමට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්, සෞඛ්‍ය අංශසාමාජිකයන් ඇගයීමට ලක් කිරීමට හා ඔවුන්ට ධෛර්යය දීමටත් කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරන ලෙසටත් ප්‍රාර්ථනා කරමින් ගාල්ලේ පදිංචි ජාතික මලල ක්‍රීඩකයෙකු වන 45 හැවිරිදි එස්. බාලකුමාර් මහතා ලංකාව වටා දින 42ක් පාගමනින් ගොස් අද (19) සවස ගාල්ල පින්නදූව නගරයෙන් පාගමන නිමා කළේය. 19 September 2020
‘20ට අපි මුලුමනින්ම විරුද්ධයි‘ ‘‘පාර්ලිමේන්තු 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය දීමට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම එය පරද්දන්න අපේ උපරිම බලය යොදවනවා‘‘ යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා අද (19) සීනිගම පැවති ජන හමුවකදී කීවේය. 19 September 2020
මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙනගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 19 September 2020
බඹරු ඇනීමෙන් 10ක් රෝහලේ හපුතලේ වත්තේ තේ දළු නෙලමින් සිටි පිරිසකට අද (19) බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් වතුකම්කරු කාන්තාවන් 10 දෙනකු තුවාල ලබා හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 19 September 2020
පස්කන්දක් කඩා වැටීමෙන් නිවාස 2කට, ගොඩනැගිල්ලකට හානි පතන නගරයේ පිහිටි නිවාස 2කට හා වතු වෘත්තීය සමිති කාර්යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට පස් කන්දක් අද (19) අලුයම් කාලයේ කඩා වැටීමෙන් එම ගොඩනැගිලිවලට හානි සිදුව ඇතැයි දිඹුල - පතන පොලීසිය පවසයි. 19 September 2020
හැටන් සමනලගම කොටසක් නායයයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම ප්‍රදේශයේ කොටසක් අද (19) අලුයම නායගොස් ඇත. 19 September 2020
සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් පොත් ප්‍රදර්ශනයෙන් ඉවතට ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා භූමිය තුළ ‘කොවිඩ්-19’ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිනොපදින ඕනෑම අයකු එම කුටිවලින් ඉවත් කිරීමට උපදෙස් දී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා අද (18) පැවැසීය. 18 September 2020
කරපිංචා රක්ෂිතයේ ගංජා හේන් කොස්ලන්ද ඌව මාවෙලගම කරපිංචා රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය අක්කර කාලක ප්‍රමාණ වූ ගංජා හේන් දෙකක් අද (18) වටලා සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 18 September 2020
පමණට වඩා රත්වීමෙන් වෙන්දේසිය නවතී අම්බලන්ගොඩ නගර සභා ප්‍රධාන කාර්යාල භූමියේ අද (18 ) පැවති අබලි ද්‍රව්‍ය වෙන්දේසිය නගර සභා උප සභාපති කමල් වැල්ලගේ මහතා හා ගැනුම්කරුවන් අතර ඇතිවු උණුසුම් තත්ත්වයක් නිසා වෙන්දේසිය අතරමග නතර කර දැමීමට අමබලන්ගොඩ නගර සභාවට සිදුවිය. 18 September 2020
වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරිනවැයි ගුරුවරියට තර්ජනය කරලා විද්‍යාපීඨ ගුරුවරියකගේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට තර්ජනය කළ බව කියන ඇයගේ පෙම්වතා අද(18) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර කොට්ඨාස තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරිහු කියති. 18 September 2020
කන්තලේ විදුහලකට අලි හානි කරලා කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් අග්බෝපුර පොලිස් වසමේ පිහිටි සිනිපුර බණ්ඩාරනායක විද්‍යාලයට අද (18) අලුයම කඩා වැදුණු වල්අලි රංචුවක් විද්‍යාලයේ ආරක්ෂිත වැට පෙරලා දමා පන්ති කාමර වල ඇති ජනෙල් විදුරුවලට හානිකර තිබේ. 18 September 2020
තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා විරෝධතාවක් ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් තෝඩමඩුව විද්‍යාලයට ගුරුවරුන් ඉල්ලා මව්පියවරු පිරිසක් අද(18) පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී සිටිති. 18 September 2020
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර වාට්ටුවක් අසළ වළ දැමූ මාංචු යතුරක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජී සිර වාට්ටුව අසළ පිටත භූමියේ වළ දමා තිබූ මාංචු යතුරක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 17 September 2020
කුඩු සමඟ විසි හැවිරිදි කතක් ඇතුළු 9 ක් අත්අඩංගුවට මත් කුඩු සන්තකයෙහි තබා ගෙන සිටි 20 හැවිරිදි එක් දරු මවක් ඇතුළු නව දෙනෙකු ගණේමුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ සුරා බදු කාර්යාලය සඳහන් කරයි. 17 September 2020
ගිනි අවියක් පුපුරා අයෙක් මරුට වන සතුන් දඩයම් කිරිමට ගිනි අවියක් සුදානම් කරමින් සිටිය දි එම ගිනි අවිය පුපුරා යාමෙන් 38 වැනි වියේ පසු වන පුද්ගලයෙකු මිය ගොස් සිටිය දි අද ( 17) සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 17 September 2020
රිය අනතුරකින් ළදරුවෙක් මිය යයි පුත්තලම නගරයේදි අද(17) සිදුවු රිය අනතුරකින් වයස මාස 8ක පමණ ළදරුවෙකු මරණයට පත්ව, එම දරුවාගේ මව හා පියා බරපතල තුවාල ලබා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 17 September 2020
පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍යයි පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවට වු යෝජනාව ගම්පහ මහ නගර සභාවේදී වැඩි ඡන්ද 21 කින් අද (17) පැවති මාසික රැස්වීමේදී සම්මත කෙරිණි. 17 September 2020
ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 818 ක් නාවික හමුදා බාරයට මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයේදී, නීතිවිරෝධීව යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 17 September 2020
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමිකයේ ටැංකියක් මතට නැඟ පියවරු උපවාසයක වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් හය දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් අද(17) විද්‍යාලයේ ජල ටැංකිය පිහිටි කුලුන මතට නැඟ පියවරු සිවු දෙනකු උපවාසයක් ආරම්භ කළහ. 17 September 2020
විමලසුරේන්ද්‍ර ජන්ම දින සැමරුමට වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ඩි.ජේ.විමලසුරේන්ද්‍ර මහතාගේ 146 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කාසල්රි ජලාශ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් අද (17) පැවැත්විණි. 17 September 2020
වන ක්ෂේත්‍ර නිලධාරියා අලියකුගේ පමහරදීමෙන් මරුට සියඹලාණ්ඩුව රැහුණුදනවිව ප්‍රදේශයේ ගම්වැදි සිටි වනඅලියකු පැන්නිමේදී රාජකාරියේ යෙදි සිටි වනජිවි නිළධාරියකු අද(17) වනඅලියකු ගේ පහරදිමකින් මියගොස් තිබේ. 17 September 2020
ආපනශාලාවල පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද(17) හැටන් දික්ඔය නගර සභා සීමාවේ කළ හදිසි වැටලීමක දී, අපිරිසිදු ආකාරයට ආපනශාලා සහ බේකරි පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට ඒවායෙහි අඩුපාඩුකම් සපුරාලීමට දින 14 ක කාලයක් ලබා දී දුන්හ. 17 September 2020
ගින්නකින් ගාල්ලේ ඡායාරූප ශාලාවක් විනාශයි ගාල්ල කොග්ගල කඩේ හන්දිය ප්‍රදේශයේ කඩ පෙළක අද (17) ඇතිවූ ගින්නක් හේතුවෙන් ඡායාරූප ශාලාවක් විනාශ වී ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 17 September 2020
අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය සැමරේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ ධර්මපාල තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමේ උත්සවයක් අද (17) පෙරවරුවේ සිදු කෙරිණි. 17 September 2020
බඹරු ඇනීමෙන් කාන්තාවන් දෙදෙනකු රෝහලේ ලුණුගල අඩාවත්ත වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසක් බඹරු ඇනීමෙන් කාන්තාවන් දෙදෙනෙකු අද (17) උදේ රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 17 September 2020
කාන්තාවන් රවටා ලක්ෂ 15 ක මුදලක් වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ් සැබෑ රත්තරන් බවට අඟවා කාන්තාවකට වර්ණාලේපිත ව්‍යාජ ලෝහ කැබලි ලබාදී රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවක වරදකරුවන් වූ චූදිතයින් දෙදෙනෙකුට දඬුවම් නියම කළ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා එක් අයෙකුට වසර දෙක බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ පැමිණිලිකාරියට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට අද (16) නියෝග කළේය. 16 September 2020
තීරුබදු රහිතව ගෙන්වූ මත්පැන් බොතල් සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා රහසිගත ව ගෙන්වන ලද බවට සැක කෙරෙන විදේශීය මත් පැන් බෝතල් 12 ක් මීගමුව මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක විකිණීමට තිබියදී අද16 සවස සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි. 16 September 2020
රථ වාහන වැරදි කළ රියදුරන් 22 ට දඩ මිනුවන්ගොඩ පොලිස් වසමේ දී විවිධ වැරදි සිදුකළ රියදුරන් 22 දෙදෙනෙකුට රුපියල් හත් ලක්ෂ පහලොස් දහසක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර.සී.ඒ සමරදිවාකර මහතා අද (16) නියම කළේය. 16 September 2020
පාසලක විදුහල්පති මාරු කරන්නැයි ඉල්ලා විරෝධයක් බණ්ඩාරවෙල විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කර දෙන ලෙස ඉල්ලමින් සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ප්‍රදේශවාසීහු පිරිසක් අද (16) විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 16 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025