IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘20ට අපි මුලුමනින්ම විරුද්ධයි‘

(කරන්දෙණීය  එම් .සුසිල් ප්‍රියන්ත)

‘‘පාර්ලිමේන්තු 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය දීමට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවාම එය පරද්දන්න අපේ උපරිම බලය යොදවනවා‘‘ යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා අද (19) සීනිගම පැවති ජන හමුවකදී කීවේය.

එහිදි වැඩිදුරටත් කතා කළ අත්තනායක මහතා මෙසේද කීවේය.

‘‘මේ ආණ්ඩුව සිය බලය යොදන්නේ තමන් ආරක්ෂා වෙන්නයි. ජනතාව ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නෙමෙයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවක වගකීමක්...

ඒක අමතක කරන මේ ආණ්ඩුව කරන්න වැඩ රැසක් තියාගෙන තමන්ගේ බලය වැඩිකර ගැනීමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනවා. මේ සංශෝධනය මුලුමනින්ම ජනතාවට හානිකරයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට එයින් වදින්නේ විශාල මරු පහරක්. ඒ නිසා සමගි ජන බලවේගය විදිහට අපි මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුලුමනින්ම විරුද්ධයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැතිකර දැමීමට අපි කාටවත් සහයෝගය දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් කාටවත් මුක්කු ගහන්න යන්නෙත් නැහැ.

ආණ්ඩුව හිතන් හිටියට තමන්ට 2/3ක බලයක් තියෙනවා කියලා අපිට නම් එහෙම එකක් පේන්න නැහැ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවාම  බොහෝ වෙලාවට බුද්ධියක් තියෙන ආණ්ඩු පක්ෂයේම අයත් මේ යෝජනාවට විරුද්ධවේවි. මේ පිරිසත් එකතු කරගෙන අපි පාර්ලිමේන්තුවේදී 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරනවා‘‘ යයි ඒ මහතා පැවසීය.



අදහස් (0)

‘20ට අපි මුලුමනින්ම විරුද්ධයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site