IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පමණට වඩා රත්වීමෙන් වෙන්දේසිය නවතී

(එම් .සුසිල් ප්‍රියන්ත)
 
අම්බලන්ගොඩ නගර සභා ප්‍රධාන කාර්යාල භූමියේ අද (18 ) පැවති අබලි ද්‍රව්‍ය වෙන්දේසිය  නගර සභා උප සභාපති කමල් වැල්ලගේ මහතා හා ගැනුම්කරුවන් අතර ඇතිවු උණුසුම් තත්ත්වයක් නිසා  වෙන්දේසිය අතරමග නතර කර දැමීමට අමබලන්ගොඩ නගර සභාවට සිදුවිය.
 
අම්බලන්ගොඩ නගර සභාවෙන් ඉවත් කරන ලද අබලි ද්‍රව්‍ය මෙහි වෙන්දේසියට තබා තිබිණි.
 
මෙම වෙන්දේසියේදි අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතා හා මේ වෙන්දේසියෙන් අබලිද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි ගැනුම්කරුවන් අතර ඇතිවූ කලහාකාරි තත්ත්වය සමතයකට පත් නොවීම නිසා අමබලන්ගොඩ නගර සභාව එය අතර මග නතර කිරීමට පියවර ගත්තේය.
 
මේ වෙන්දේසියෙන් අබලි ද්‍රව්‍ය මිලට ගැනීමට ආ ගැනුම්කරුවන් පිරිසක් තමන්ට අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපතිවරයා පහර දුන්නේ යයි කියමින් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිළි කළහ.
 
වෙන්දේසියට ආ ගැනුම්කරුවන් පිරිසක් සිය වෙන්දේසිය කඩා කප්පල් කිරීමට පියවර ගත්තේ යයි කියමින් අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම්වරිය ඇතුලු නිලධාරිහුද අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කළහ. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ උප සභාපති කමල් වැල්ලගේ මහතාගෙන් කළ විමසීමකදි ඒ මහතා කීවේ තමන් වෙන්දේසියට ආ කිසිම ගැනුම්කරුවකුට පහර නොදුන් බවත් ගැනුම්කරුවන් කළ අසාධාරණයකට තමන් එරෙහිවූ නිසා ඔවුන් මේ වෙන්දේසිය කඩා කප්පල් කිරීමට කටයුතු කළ බවය. 



අදහස් (0)

පමණට වඩා රත්වීමෙන් වෙන්දේසිය නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site