IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බාලකුමාර්ගේ පාගමන පින්නදුවෙන් නිමාකරයි


(ඩී.ජී.සුගතපාල)

කොරෝනා වසංගතය මර්දනය කිරීමට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්, සෞඛ්‍ය අංශසාමාජිකයන් ඇගයීමට ලක් කිරීමට හා ඔවුන්ට ධෛර්යය දීමටත් කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරන ලෙසටත් ප්‍රාර්ථනා කරමින් ගාල්ලේ පදිංචි  ජාතික මලල ක්‍රීඩකයෙකු වන 45 හැවිරිදි එස්. බාලකුමාර් මහතා ලංකාව වටා දින 42ක්  පාගමනින් ගොස්  අද (19) සවස ගාල්ල පින්නදූව නගරයෙන් පාගමන නිමා කළේය.

පාගමන නිමා කරමින් බාලකුමාර් මහතා පින්නදුව නගරයට පැමිණි අවස්ථාවේ අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත මහතා විසින් මල් කළඹක් පිළිගන්වා උණුසුම් අයුරින් පිළිගෙන සමරු සිහිවටනයක්ද පිළිගන්වන ලදී.

අගෝස්තු 08 වන දින ඔහු මෙම පාගමන ආරම්භ කලේ ගාල්ල දෙවට ප්‍රදේශයෙනි.

ගාල්ලේසිට දින 42ක් කිලෝමීටර 1500ක දුරක් පාගමනින් ඇවිද ගිය බවත් උතුරේදී මෙන්ම ගමන් කළ සියලුම ප්‍රදේශවල ජනතාව විසින් තමන් මහත් හරසරින් පිළිගනු ලැබූ බවත් බාලකුමාර් මහතා මෙහිදි කියා සිටියේය.

ගාල්ල, මාතර, හම්බන්තොට, තණමල්විල, මහියංගනය, ත්‍රිකුණාමලය හරහා වව්නියාව නගරයට පා ගමනින් මෙරට ජාතික ධජය රැගෙන ගිය තමන්ට, උතුරේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවත් ගාල්ලේ සිට යාපනය දක්වා වූ සියලු ආගමික සිද්ධස්ථාන වන්දනා කරමින් කොරෝනා වසංගත රෝගය මර්දනය කිරීමට එක්ව සිටින සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කළ බවත් කියාසිටි බාලකුමාර් මහතා තමන්ට සහයෝගය දැක්වු සියලුම දෙනාට ස්තුතිය පුද කළේය.

මෙම පිළිගැනීමේ උත්සවය අක්මීමණ වෙළඳ සංගමය සහ අක්මීමණ ප්‍රාදේශීය සභාව  විසින් සංවිධානය කර තිබිණි.
බාලකුමර් මහතා පින්නදුව නගරයෙන් සිය පාගමන අවසන් කළ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ, අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

බාලකුමාර්ගේ පාගමන පින්නදුවෙන් නිමාකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site