IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොල්ගසකින් ඇදවැටී අයෙක් මරුට


(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පොල් ගසක්  කපන්නට ගසට නැග, එහි මැද හිඳිමින් ඉහළ කොටස කපද්දී, එම කොටස එකවරම බිමට ඇද වැටීම නිසා දෙදරීමට ලක් වූ  පහළ කොටසේ රැඳී සිටි පුද්ගලයා බිමට ඇද වැටී අද (19)  ජීවිතක්ෂයට පත්ව ඇතැයි  කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට, පාලාගම, දේරුක්උන්න පදිංචි  කුලහීනගේ ජයරත්න රුද්‍රිගු නම් (60) දෙදරු පියකු බව පොලිසිය කියයි.

වෘත්තියෙන් ගස් කපන්නකු වන  මොහු අද (19) සවස, පොල් ගස මිලයට ගත් පුද්ගලයාද සමග මෙම ඉඩමට පැමිණ ඇති අතර, එහිදී ගසට නැග, පළමුව එහි කරටිය කපා ඉවත් කොට, ගසෙහි  ඉහළ කොටස කඹයක ආධාරයෙන් කැපීම සඳහා ගසෙහි මැද රැඳී සිට ඇතැයි පැවසේ.

එහිදී කපමින් සිටි ගසෙහි ඉහළ කඳ එකවරම බිමට කඩා වැටීම නිසා දෙදරීමට ලක් වූ පහළ කොටසෙහි රැඳී සිටි මෙම පුද්ගලයා බිමට ඇද වැටී යාබද කබොක් ගලක හිස වැදී බරපතළ තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

සිද්ධිය වාර්තා වීමත් සමග කහතුඩුව පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර, ඒ පිළිබඳව  කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතාට වාර්තාකර ඇත.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී හෙට (20) සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

පොල්ගසකින් ඇදවැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site