(රංජිත් රාජපක්ෂ)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද(17) හැටන් දික්ඔය නගර සභා සීමාවේ කළ හදිසි වැටලීමක දී, අපිරිසිදු ආකාරයට ආපනශාලා සහ බේකරි පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට ඒවායෙහි අඩුපාඩුකම් සපුරාලීමට දින 14 ක කාලයක් ලබා දී දුන්හ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයට, තිබු ආහාර ද්‍රව්‍යය රැසක් විනාශ කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
ආහාර සුරක්ෂිතතාවය, ලියාපදිංචි නියෝග, ආහාර පරිශ්‍ර නියෝග, නිරෝධාන සහ රෝග වැළැක්වීමේ අඥා පනත යටතේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 25 කට ආසන්න පිරිසක් සහභාගී කරගනිමින් මෙම හදිසි පරීක්ෂාව කරන ලදී.
වෙළඳසැල් සුදුසු පරිදි යළි සැකසීමට දින 14ක කාලයක් ලබා දී, එම කාලය තුළ අඩුපාඩුකම් සපුරා නොගන්නා වෙළඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමටත්, වෙළඳ බලපත්‍රය අහෝසි කිරීමටත් කටයුතු කරන බව වැටලීම මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු අවධාරණය කළහ.
හෙට දිනයේදී මෙම හදිසි පරික්ෂාව සිල්ලර සහ තොග වෙළඳසැල් ඉල්ලක්ක කර ගනිමින් සිදු කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් පේමසිරි මහතා කියා සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආපනශාලාවල පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරති