(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද ඌව මාවෙලගම කරපිංචා රක්ෂිතයේ රහසිගතව පවත්වාගෙන ගිය අක්කර කාලක ප්‍රමාණ වූ ගංජා හේන් දෙකක් අද (18) වටලා සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිද්දෙනිය සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි 44 සහ 48 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
මෙම ගංජා හේන් දෙකේම අඩි නමයක් දහයක් පමණ උසට සරුවට ගංජා ගස් වැවී තිබූ බවත් අස්වැන්න නෙලීමට ආසන්නයේ පැවැති බවත් පොලිසිය කියයි.
නඩු භාණ්ඩ ලෙස ගංජා පැළ කොටසක් තබාගෙන හේන් දෙකේ සෙසු ගංජා වගාව ගිනි තබා විනාශ කළ බව මෙහෙයුම සිදු කළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ඩී. පී. පද්මකුමාර මහතා පැවසීය.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරපිංචා රක්ෂිතයේ ගංජා හේන්