84 ටියුෂන් මාස්ටර් 18 ගෝලයාට අතවර කරලා විශ්‍රාමික ඩිපෝ කළමණාකරුවකු විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියකට සහභාගි වූ 18 අට හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ උපකාරක පන්ති ගුරුවරයකු අද (1) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි. 01 October 2020
බීමතින් යතුරු පැදිය ධාවනය කළ ඇල්පිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රී අත්අඩංගුවට බීමත්ව පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද ( 01) අලුයම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 01 October 2020
සාමණේර හිමිට තර්ජනය කළ මන්ත්‍රී පුතා සොයා පරීක්ෂණ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී පුතෙකු ඇතුළු කණ්ඩායමක් දලුව නිර්මලපුර බොදු සුසාන භූමියේ නාම පුවරු ගලවා දමා, දලුව අන්තර් සමුද්‍ර පිරිවෙනේ සාමණේර ස්වාමීන් වහන්සේලාට බැන තර්ජනය කළ බවට එම විහාරස්ථ දායක සභාව නොරොච්චෝල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 01 October 2020
හෙරොයින් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 340 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි . 01 October 2020
නීති විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 10 ක් අත්අඩංගුවට මන්නාරම මුහුදු තීරයේ ස්ථාන ස්ථාන කිහිපයකදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ සහ හක්බෙල්ලන් ළඟ තබා සිටි මෙරට ධීවරයින් 10 දෙනෙකු ධීවර යාත්‍රා 03 ක් සමගින් හක්බෙල්ලන් 247ක් හා මුහුදු කූඩැල්ලන් කිලෝ 625 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 01 October 2020
සඟවා තිබු වියළි කහ කිලෝ 430 ක් සිලාවතුරෙන් හමුවෙයි මන්නාරම සිලාවතුර මුහුදු ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ වියලි කහ කිලෝ 430 ක් යුද හමුදාවේ මන්නාරම කොමාන්ඩා බලකා සෙබලුන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අද (01) අලුයම සොයාගනු ලැබීය. 01 October 2020
පෙට්ටිගල මාර්ගයට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා බලන්ගොඩ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අයත් බලන්ගොඩ පෙට්ටිගල මාර්ගයට බෝම්බුව ප්‍රදේශයේ දී අද (30) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති බව බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි මහතා පැවැසීය. 30 September 2020
රැඳවියා බලන්න මත් කුඩුත් අරන් ගිහින් කොළඹ මැගසින් බන්ධනාගාරයෙහි රැඳවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මත්කුඩු පැකට් 8 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 30 September 2020
’’ බාබූ ’’ ලක්ෂ දෙකක හෙරොයින් සමඟ අල්ලයි ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක දී රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ මා මුන්ගෙ රත්නම් නොහොත් ’’ බාබූ ’’නැමැත්තා අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 30 September 2020
මොරටුවේ පාසලකට හිටපු විදුහල්පති ම ඉල්ලා මව්පියවරු විරෝධයක මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ථ කනිෂ්ට විද්‍යාලයෙන් පිළියන්දල කලාප අධ්‍යක්ෂක කාර්යාලයට මාරුකර යැවූ බව කියන හිටපු විදුහල්පතිවරයෙකු නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් එම පාසැලේ සිසුන්ගේ මව්පියවරු අද(30) පාසැල ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණහ. 30 September 2020
හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 ක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු (30) අලුයම අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 30 September 2020
වනඅලියකු පහරදීමෙන් කාන්තාවක් මරුට මැදිරිගිරිය,දර්ශනපුර ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් අද (30) අලුයම 73 හැවිරිදි කාන්තාවක මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි. 30 September 2020
ගංජා පැකට් 53 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගංජා පැකට් 53 ක් සමඟ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් අද (29) මාකුඹුර කොට්ටවදී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 29 September 2020
සත්ව ආහාර සඳහා යොදාගත් සහල් තොගයක් අත්අඩංගුවට සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා දේශීය සහල් යොදා ගැනීම තහනම් කොට තිබියදී ජාඇල , ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනාගාරයක තිබී සුදු කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 243 ක් , පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 29 September 2020
දියණියව අතවරයෙන් බේරීමට ගිය පියාට පිහිපහර පන්නල පොලිස් වසමේ, ගෝනවිල දී සිය දියණියව පුද්ගලයන් දෙදෙනෙකුගේ අතවරයකින් බේරාගැනීමට තැත් කළ පියෙකුගේ දෑතට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වීමෙන්, තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිසිය කියයි. 29 September 2020
මස් කරන්න සිටි කැස්බෑවන් 5 ක් සමඟ අයෙක් අත්අඩංගුවට මස් පිණිස යාපනය ප්‍රදේශයේ හෝටල් සඳහා අලෙවි කිරීමට සූදානම් කර සිටි කැස්බෑවුන් පස්දෙනකු සමඟ ජාවාරම්කරුවකු යාපනය, කොළොම්බුතුරෙයි හි නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 29 September 2020
මරණදඬුවම නියම වූවෙක් පලාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට කොළඹ මහාධිකරණයෙන් මීට මාස දහයකට පෙරදී මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයෙක් මොරන්තුඩුව මෙනේරිහේන්තුඩුව නිවසක සැඟවී සිටියදී අද (29 )අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කදවුර කියයි. 29 September 2020
දැරියකගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබියදී අද (29) සොයාගත් බව නානුඔය පොලීසිය පවසයි. 29 September 2020
කහ කිලෝ 952ක් මන්නාරමෙන් අල්ලයි නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි. 28 September 2020
හෙරොයින් සමඟ කළුගල් මෝල් හිමියෙක් අත්අඩංගුවට කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී රුපියල් 20,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු සමග කළුගල් මෝලක හිමිකරුවෙක් අද (28) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි . 28 September 2020
පාසල් නිල ඇඳුමින් දුම්පානය කරලා පාසල් නිල ඇඳුමෙන් බස් රථයක් තුළ දුම්පානය කරමින් සිටි බව කියන තංගල්ලේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ සිසුන් තිදෙනකු සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අද (28) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. 28 September 2020
වරෙන්තු 9 කට සම්බන්ධ සැකකරුවකු කොටපොළින් අල්ලයි ගෙවල් බිඳුම් ඇතුළු දේපළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ විවෘත වරෙන්තුවක් ඇතුළු දින වරෙන්තු 9 ට සම්බන්ධ සැකකරුවෙකු අද (28) කොටපොළ,හිගුරුපනාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි . 28 September 2020
වල් අලී පහර දීමකින් දෙදෙනෙක් මරුට ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේදී අද (27) රාත්‍රී සිදුවූ වල් අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව ගල්ගමුව පොලීසිය පැවසීය. 27 September 2020
රත්ගම වෙරළේ ටී 56 උණ්ඩ 39 ක් රත්ගම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ටී 56 උණ්ඩ 39 ක් සහ හිස් පතරොම් කොපුවක් අද (27) සොයා ගෙන ඇත. 27 September 2020
පීලි පැනීමකින් දුම්රිය ප්‍රමාදයක් මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 27 September 2020
ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දමයි ගල්විල සෆාරි උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වන රක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ. එහි සේවය කළ නිලධාරීන් අත්නෝමතිකව කටයුතු කිරිමෙන් ඔවුන් එම ස්ථානයෙන් සේවයෙන් ඉවත්කර වෙනත් නිළධාරීන් කණ්ඩායමක් යොදවන තෙක් එම තීන්දුව ගන්නට සිදුවූ බව වනසංරක්ෂණ පුත්තලම කාර්යාලයේ උසස් නිලධාරියකු පැවසීය. 27 September 2020
මන්නාරමෙන් කහ කිලෝ 90ක් නුවරට ගෙනයද්දී අල්ලයි කහ කැබලි කිලෝ 30 ක් සහ කහ කුඩු කිලෝ 60 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අද (27) මන්නාරම පාලම අසළ දී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පැවසීය. 27 September 2020
හෙරොයින්-කේරළ ගංජා සමඟ තිදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 150 ක් හා කේරළ ගංජා කිලෝ 5ට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනෙකු සීදුව ප්‍රදේශයේ දී මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 September 2020
මහනුවර-කුරුණෑගල මාර්ගයේ කොටසක් ගිලා බසී මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද (27 ) අලුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරනු ලැබ තිබේ. 27 September 2020
ශ්රාවස්තිපූර අනතුරකින් දෙදෙනකු මරුට අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (27) අලුයම සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. 27 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025