
(තිලකරත්න දිසානායක)
සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා දේශීය සහල් යොදා ගැනීම තහනම් කොට තිබියදී ජාඇල , ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනාගාරයක තිබී සුදු කැකුළු සහල් මෙට්ට්‍රික් ටොන් 243 ක් , පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙළෙඳ අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරක් මත අද (29) පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් මගින් මෙම වැටලීම් සිදු කොට ඇති අතර මෙම සහල් තොගයෙහි වටිනාකම රුපියල් දෙකෝටි අට ලක්ෂයක් බව විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි ගම්පහ විමර්ශන ඒකකය ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, හෂාන් කළුබෝවිල ,දිලීප කරුණාරත්න, ඉෂාර හෝමපොල , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් පොලිසියේද සහාය ඇතිව මෙම වැටලීම සිදු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සත්ව ආහාර සඳහා යොදාගත් සහල් තොගයක් අත්අඩංගුවට