(බී .ජී.චතුරංග)
අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ දී අද (27) අලුයම සිදු වූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වික්ටෝරියා පෙදෙස ගම්මාන අංක 1 පදිංචි ඒ.ජී රන්බණ්ඩා (60) සහ නෙරංජලා පියදර්ශනී (32) නැමැති පියෙකු සහ දියණියක බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් සහ තලාව දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
මරණකාරිය විසින් ත්‍රිරෝද රථය පදවා ගෙන ගොස් තිබෙන අතර, එම ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි එම කාන්තාවගේ පියා ද, මෙම අනතුරින් මියගොස් ඇගේ ඥාති දියණියක් සහ නැගණියක් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට පත් මෝටර් රථය පදවා ඇත්තේ වෛද්‍යවරයකු වන අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මෝටර් රථයේ ගමන් කර ඇති ඇති බවත් අනතුරින් වෛද්‍යවරයා සහ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියැදුරු වන සැකකාර වෛද්‍යවරයාට නින්ද යාමෙන් මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී ගොස්, නිවැරදි මංතීරුවේ පැමිණි ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රාවස්තිපූර අනතුරකින් දෙදෙනකු මරුට