(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විශ්‍රාමික ඩිපෝ කළමණාකරුවකු විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියකට සහභාගි වූ 18 අට හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කළ උපකාරක පන්ති ගුරුවරයකු අද (1) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි අසූ හතර හැවිරිදි විශ්‍රාමික ඩිපෝ හා වතු අධිකාරීවරයෙකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා වසර හතළිහක පමණ සිට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව උගන්වා ඇති අතර කහතුඩුව ප්‍රදේශය පදිංචි 18 හැවිරිදි සිසුවා ද ගුරුවරයාගේ නිවසේ පවත්වාගෙන යන මෙම උපකාරක පන්තියට සහභාගි වී ඇතැයි පැවැසේ .
මීට පෙර අවස්ථා දෙකකදී ද සිසුවාවට අතවර කර ඇති අතර සිසුවා විසින් රහසිගතව සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද පොලීසිය කියයි .
ඒ අනුව පොලිසියට පැමිණි සිසුවා සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් සිදු කිරීමෙන් .පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගුරුවරයාගේ නිවසට ගොස් සැකකරු මෙසේ අත් අඩංගුවට ගෙන තිබූ බව කියයි.
ඩිපෝ හා වතු අධිකාරී වරයෙකු වශයෙන් සේවය කළ සැකකරු දිවයිනේ සුප්‍රසිද්ධ පුද්ගලයින්ට උපකාරක පන්ති හරහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ අයෙකු බව ද පැවසේ . අත්අඩංගුවට ගත් සැකකරු (01)කැස්බෑව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
84 ටියුෂන් මාස්ටර් 18 ගෝලයාට අතවර කරලා