මහාධිකරණ නඩු ගබඩාවෙන් පිස්තෝලයක් සොරාගනියි නඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහාධිකරණ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රට නිපදවන ලද මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරකම් කර විකිණීමට සූදානම්ව තිබියදී බදුල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. 10 October 2020
දරුවකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 9ක දරුවෙකු අපයෝජනයකට ලක් කළ බව කියන වියළුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අද (10) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 10 October 2020
ගම්පහ තැපැල් කාර්යාල වසාදමයි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උපතැපැල් කාර්යාල මේ මස 17 වැනිදා දක්වා වසා තබන බව තැපැල් දෙපාර්තමේන්තුව කියයි. 09 October 2020
රිය අනතුරකින් කොග්ගල ඇඟලුම්හලක සේවිකාවෝ 12ක් රෝහලේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් අද(09)උදැසන උණවටුන හන්දියේදි බස් රථයක ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් ඇඟලුම් කම්හල් සේවිකාවන් 12දෙනෙකු සහ රියදුරා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හබරාදුව පොලිසිය පවසයි. 09 October 2020
පතොරම් කොපු - ජීව කැප් ගල්කිරියාගමින් සොයාගනී ගල්කිරියාගම දානියගම ප්‍රදේශයේ වාරි ඇළක සගවා තිබි බෝර 12 වර්ගයේ හිස් පතොරම් තොගයක් හා නැවත පිරවීමේදි ඒවාට යොදිය හැකි ජිව කැප් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. 08 October 2020
යක්විලදී මන්නයකින් පහරදී ඝාතනය කරයි පැරණි ආරඅවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් යක්විල - කැළණියමුල්ල මංසන්ධියේදී යතුරුපැදිය මත සිටි බව කියන පුද්ගලයෙකුට අද (08) සවස මන්නයකින් පහරදීමෙන් බරපතල ලෙස තුවාලවී එම ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි. 08 October 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස ශාඛා 47ක් විවෘත කෙරේ ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල ජනතාවට බඩු භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස, කෝප් සිටි මිනි කෝප් සිටි සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානය හෙට (9) සිට විවෘත කර තබන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි. 08 October 2020
ගිනි අවි හා තියුණු ආයුධ සමග දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බලකාය හා හොරණ පොලිසිය ඒකාබද්ධව අද (8) ගුරුගොඩ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 08 October 2020
සිසුවා සපා කෑ බල්ලාගේ අයිතිකරුට දඩය රුපියල් 50 යි නිවසේ ඇති කරන සුනඛයා ගාල්ලේ විදුහලකට නිදැල්ලේ යවා, 4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා බරපතල තුවාල සිදුකිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් 50 දඩයක් නියම කර කූඩුවක දමා සුනඛයා ඇති කරන ලෙසත් පාසල් දිනවල සුනඛයා එළියට නොදමන ලෙසටත් අද (08)නියෝග කළාය. 08 October 2020
ඉංගිරිය-පිඹුර රෝහල් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරන්න යයි ඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 08 October 2020
හෝමාගම රෝහල නැවතත් කොරෝනා රෝගීන්ටම හෝමාගම මූලික රෝහල (08) දා සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 07 October 2020
කෑගල්ලේ උපකාරක පන්තිත් නවත්වයි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පෞද්ගලික උපකාරක පන්ති, දහම් පාසල් සහ පෙර පාසැල් වල අධ්‍යාපන කටයුතු තාවකාලිකව නතර කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර /දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් ලබා දුන්නේය. 07 October 2020
බස්නාහිර ආදායම් බලපත් ලබා දීම තාවකාලිකව අත්හිටුවයි කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 07 October 2020
ලක්ෂ දෙකක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට රාගම බටුවත්ත දුම්රිය පොළේ දී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (7)අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මිනීමැරුමක මෙන්ම අපරාධ රැසක තොරතුරු අනාවරණ වූ බව බස්නාහිර පළාත උතුර දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 07 October 2020
තරුණයකු දියේ ගිලී මරුට වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පැදීමට ගිය තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු ඔරුව පෙරලී දියේ ගිලී මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. 07 October 2020
මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි මධ්‍යම පළාතේ සියලුම උපකාරක පන්ති තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. 07 October 2020
කොරෝනා අසාදිතයින් 51 ක් මිනුවන්ගොඩ රෝහලට මිනුවන්ගොඩ , යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදි කොවිඩ් 19 ආසාදිතයින්ගේ නව පොකුරට එක් වු රෝගීන් 51දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 07 October 2020
වෙළඳසැලේ හිමිකරු බිම ඇද වැටී මියයයි අතුරුගිරිය නගර මධ්‍යයේ සංචාරක බෑග් අලෙවිසැළක හිමිකරුවකු අලෙවිසැල තුළ බිම ඇද වැටී සිදුවූ අනතුරින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 07 October 2020
දකුණූ පළාතේ සියලු උපකාරක පන්ති නවතයි දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමේ අරමුණින් දකුණු පළාතේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන ආයතන අද (7) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබීමට නියෝග කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය. 07 October 2020
නැගෙනහිර පළාතේ සියලු උපකාරක පන්ති නවතයි කොවිඩ් -19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියලු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය. 07 October 2020
විදුලිබිල ගෙවන්න ආ අයෙක් ඇද වැටී මරුට හෝමාගම විදුලිබල මණ්ඩල කාර්යාලයට විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු එම කාර්යාලය පරිශ්‍රය තුළදීම වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි . 07 October 2020
ක්‍රිකට් ආයතනය දෙදිනකට වසා දමයි ‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය දින දෙකක් වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 07 October 2020
‘අත්‍යවශ්‍ය සේවාවකට හැර අක්ෂි රෝහලටත් එන්න එපා’ කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 October 2020
උතුරු මැද පළාතේ උපකාර පන්ති නවතයි නැවත දැනුම් දෙනතුරු උතුරු මැද පළාතේ සියලුම උපකාරක පන්ති සහ කණ්ඩායම් පන්ති අත්හිටුවන ලෙසට උතුරු මැද පළාතේ ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා බලධාරීන්ට අද(07)නියම කළේය. 07 October 2020
කහ කිලෝ 344ක් පේසාලෙන් අල්ලයි ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන වියළි කහ කිලෝ 344යි ග්‍රෑම් 600 ක් ඇතුළු කුළුබඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මන්නාරම, පේසාලේ වංකාලපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පේසාලේ පොලිසිය කියයි. 07 October 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි පැතිර යන කෝවිඩ් 19 වයිරසය අවදානම හමුවේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කර තිබේ. 07 October 2020
පෞරාණික ගිනි අවි දෙකක් අල්ලයි ඕලන්ද යුගයට අයත් පෞරාණික ගිනි අවි යයි පවසා පැරණී ගිනි අවි දෙකක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලකට විකිනීම සදහා පැමිණි බව කියන තරුණයෙකු ඊයේ (06) රාත්‍රී මාතර උනැල්ල ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට අක්මීමන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් සමත් විය. 06 October 2020
ජල බිල්පත අඩුකරන්න 5000 ක අල්ලසක් ඉල්ලයි ජල බිල්පතේ අදාල මාසයට අදාල මුදල අඩුකර දීම සදහා කාන්තාවක ගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විශ්‍රාමික මනු කියන්නෙකු අද (6) කැලණිය නාතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි. 06 October 2020
මත්තෙගොඩ අනතුරකින් 4 ක් රෝහලේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරින් වයස අවුරුදු 7ක පාසල් සිසුවියක ඇතුළු සිව්දෙනකු තුවාල ලබා අද(06) හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තේගොඩ පොලිසිය පවසයි. 06 October 2020
පොලිසියේදී ගුටි ඇනගත් සැරයන්ගේ-කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි වැලිකන්ද පොලිස් ස්ථානය තුළදී රාජකාරී වේලාවේ ගුටිබැට හුවමාරු කරගත් පොලිස් සැරයන් වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම අත් හිටුවීමට පියවර ගත් බව පොළොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 06 October 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025