සිසුවා සපා කෑ බල්ලාගේ අයිතිකරුට දඩය රුපියල් 50 යි
නිවසේ ඇති කරන සුනඛයා ගාල්ලේ විදුහලකට නිදැල්ලේ යවා, 4වන ශ්‍රේණියේ සිසුවෙකු සපා කා බරපතල තුවාල සිදුකිරීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් 50 දඩයක් නියම කර කූඩුවක දමා සුනඛයා ඇති කරන ලෙසත් පාසල් දිනවල සුනඛයා එළියට නොදමන ලෙසටත් අද (08)නියෝග කළාය.