කෝටි 5 ක කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි ඉන්දියාවේ සිට රහසිගතව රැගෙනවිත් තිබූ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 200යි ග්‍රෑම් 850 අද (18) මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ තීරයේ දී සොයා ගත් බව මන්නාරම පොලිසිය කියයි. 18 October 2020
නිවසක නිධන් හැරූ හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට හිගුරක්ගොඩ ගුවන්තොටුපල අසන්නයේ වරාහේන මාර්ගයේ නිවසක නිධන් සෙවිම සඳහා කැණිම්කළ නිවස හිමිකරු හා තවත් පුද්ගයෙක් වතුර මොටර් ඇතුළු උපකරණ රැසක් අද (18) හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි. 18 October 2020
තලවකැලේ වෙළඳසළක් ගිනි ගනී තලවකැලේ නගරයේ පිහිටි වෙළෙඳසැළක් ගිනි ගැනීමකට ලක්ව අද (18) විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 18 October 2020
පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් වලදමයි මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්ව තිබු කන්ටේනර් දෙකක පටවා තිබු සැමන් ටින් තොගයක් සත්ව ආහාරයට ගැනීමට තිබියදී සොයා ගෙන එම සැමන් ටින් හලාවත බංගදෙණිය රජයට අයත් වත්තක වල දමා ඇති බව වයඹ හඬ පරිසර සංවිධානය අද (17) හලාවත පොලිසියට පැමිණිලි කර ඇත. 17 October 2020
ගාල්ලේ ගැටකිඹුලා බූන්දලට ගාල්ල අංකොක්කාවල, හල්ගස්මුල්ලේ පෞද්ගලික ඉඩමක පිහිටි අඩි 6 ක් පමණ ගැඹුරැති ලිඳකට වැටී සිටි අඩි 9 1/2 ක් පමණ දිගින් යුත් දැවැන්ත කිඹුලෙකු පිළිබඳව එම ඉඩමේ හිමිකරුවන් විසින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර තිබුණි. 17 October 2020
කැස්බෑවන් මැරූ ධිවරයින් 3ක් අල්ලයි මාරවිල, තොඩුවාව වෙරළ තීරයේදී කැස්බෑවන් දෙදෙනෙකු අද (17) දහවල් ඝාතනය කරමින් සිටි ධිවරයින් තිදෙනෙකු මාරවිල පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. 17 October 2020
පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් තරුණයකු අද (16) මිය ගිය බව පොලිසිය පවසයි. 16 October 2020
ගිලාබැසීමේ අවදානමකින් හැටන් වතුනිවාස 4 ක පිරිස ආරක්ෂිත ස්ථානවලට හැටන් කිව් වත්තේ, වතු නිවාස පේලියක් ගිලා බැසීමේ අවදානමට ලක්වීම හේතුවෙන් නිවාස 4 කට අයත් සාමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරියේ නිලධාරීහු සහ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා අද (16) කටයුතු කළහ. 16 October 2020
වීරකැටිය පොලිස් ස්ථානාධිපති යැයි කියා මුදල් වංචා කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස පෙනී සිටිමින් ඊසි කෑෂ් ක්‍රමයට ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගත් බව කියන අයකු වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2020
දියණිය අපයෝජනය කළ පියා අත්අඩංගුවට බිරිඳ ඉදිරියේ සිය දියණිය අපයෝජනයට ලක්කර බිරිදට අතින් පයින් පහරදුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව මැදගම පොලිසිය කියයි. 16 October 2020
කලවාන මූලික රෝහල් මාර්ගය ගිලා බසියි පවතින වර්ෂාපතනය හේතුවෙන් කලවාන මූලික රොහල් මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබේ. 15 October 2020
සුදු සැරයටි සුරක්ෂා දිනයට සමරු මුද්දරයක් එයි ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින 50 වන සැමරුම් උත්සවයට සමඟාමීව සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම අද(15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 15 October 2020
පරිසර හානි ගැන කියන්න නව දුරකථන අංක 4ක් පරිසර හානි පිළිබඳ දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යංශය නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ. 15 October 2020
බඹරු ඇනීමෙන් අයෙක් මරුට-5ක් රෝහලේ ආණමඩුව කොට්ටුකච්චිය කුඩා කිවුල ප්‍රදේශයේදී අද(15) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමෙන් පසු එයින් එක් අයකු මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 15 October 2020
කේරළ ගංජා පැකට් 50ක් සමඟ කතක් අත්අඩංගුවට ගාල්ල වලහන්දුව ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක අද(15) අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි. 15 October 2020
වැල්ලවාය නාගරික සංවර්ධන අධිකාරියේ දෙදෙනකු අල්ලස් දැලේ නිවාස සැලසුමක් අනුමත කර දීම සදහා වැල්ලවාය හදපනාගල පදිංචි කරුවෙකුගෙන් රුපියල් 15,000 ක් අල්ලස් මුදලක් ලබාගත් බව කියන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරින් අද (15) දා අත්අඩංගුවට ගෙන තිබේ . 15 October 2020
නිධන් හාරන්න ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට නිරෝධායන ඇදිරි නීතිය කඩකරමින් වැලිවේරිය ,නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පිටුපස නිධන් හාරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු සිව්දෙනකු අද(15) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය පවසයි . 15 October 2020
ලක්ෂ 17 ක තහනම් දැල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට පුත්තලම කලපුවේ නරිකුඩා හා පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ නීති විරෝධි කුඩු දැල් යොදා ගනිමින් මසුන් මරමින් සිටි ධීවරයින් තිදෙනෙකු සමඟ ලක්ෂ 17 කට ආසන්න දැල් තොගයක් අත් අඩංගුවට ගත් බව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 15 October 2020
නීති විරෝධිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට හලාවත පුත්තලම මාර්ගයේ ආනවිලුන්දාව ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හල්මිල්ල දැව කඳන් 37ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 15 October 2020
ඓතිහාසික සොරගුණේ විහාරයට අයත් භූමියක නිධන් හාරති හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජමහා විහාරස්ථානයට අයත් බෝගන්දෙන විහාරස්ථ භූමියේ නිධන් හෑරූ බවට සැකපිට තවත් පොලිස් සැරයන්වරයකු ඇතුළු තිදෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මුලස්ථාන පොලිසිය කියයි. 15 October 2020
ඉංගිරියේ ගණිකා නිවාසයක් වටලයි ඉංගිරිය නගරයට ආසන්නව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා එහි කළමනාකරණ කාර්යයන් සම්බන්ධව කටයුතු කළ සැකකාරියක් සහ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 October 2020
වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි වයඹ පළාත තුළ සතියක කාලයක් තාවකාලිකව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම නවතා දැමීමට කටයුතු කල බව පළාත් ප්‍රධාන ලේකම් පී.බි.එම්. සිරිසේන මහතා පවසයි. 14 October 2020
සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි සබරගමු පළාතේ කෝවිඩ්-19 වෛරසය ආසාදිතවුවන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය. 14 October 2020
දික්ඕවිට ධීවර වරාය දින 6 කට පසු වැඩ අරඹයි කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව 14 යළි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය . 14 October 2020
ලක්ෂ 6ක මත්කුඩු සමඟ 6ක් අත්අඩංගුවට මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුනකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ 6කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (14) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය කියයි. 14 October 2020
ලොරියකින් කොස්-ටූනා දැව ගෙනයද්දී දැලේ උඩුවෙල හන්තාන ප්‍රදේශයේ දී නීතිවිරෝධීව කොස් හා ටූනා දැව ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු ලොරි රථයක් සමග අද(14) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි. 14 October 2020
ත්‍රිරෝද රථය පෙරැළී අවුරුදු එකහමාරක දරුවෙක් මරුට හපුතලේ බෙරගල පහළ විහාරගල ප්‍රදේශීය දී අද (14) ත්‍රිරෝද රථයක් පාරෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන් ගත් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු මියගොස් ඇතැයි බරපතල තුවාල ලැබූ තවත් සිව්දෙනකු හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 14 October 2020
ගාලු කොටුවෙන් කාන්තා සිරුරක් ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ තිබු කාන්තා මළ සිරුරක් අද (14) උදැසන සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. 14 October 2020
වැසිකිළි වළක තිබී ගිනි අවි -ජීව උණ්ඩ සොයාගනී පානදුර හඩ්සන් උද්‍යානයේ වැසිකිළිය පිටුපස වළ දමා තිබූ එංගලන්තයේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සහ ජීව උණ්ඩ 18 ක් අද (14) සොයා ගත් බව වාද්දුව පොලිසිය කියයි . 14 October 2020
යුද හමුදා ටිපර් අනතුරකින් සෙබළු තිදෙදෙනකුට තුවාල දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල බොබැල්ල ප්‍රදේශයේදී අද (14) උදෑසන යුද හමුදා ටිපර් රථයක් ගසක හැපීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 14 October 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025