IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දික්ඕවිට ධීවර වරාය දින 6 කට පසු වැඩ අරඹයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු   හමුවීමත් සමගම  මීට දින 6 ඉහත දී  තාවකාලිකව  වසා දැමුණු  වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය  අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව  14 යළි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී  ජනක මුදලිගේ මහතා පැවසීය .

 ආසාදිත  ධීවර කාර්මිකයා  හමුවීමත් සමගම  ඔහු සේවය කළ ධීවර යාත්‍රාවේ  ගමන්ගත් ධීවරයින් ,සේවා පහසුකම් ලබාදුන් වරාය කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සේවකයා පි සි ආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් ලද වාර්තාවලින් වෙනත් කිසිදු පුද්ගලයෙක්ට  කොවිඩ්  වසංගතය ආසාදනය වී  නොමැති බවට අනාවරණ වූ බවත් මුදලිගේ මහතා පැවසීය .
 
කෙසේ වෙතත් එලෙස පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයන්  තවත් දින දහ හතරක්  ඔවුන්ගෙන් නිවෙස් වල නිරෝධාන ලක්කිරීමට  පියවර ගෙන තිබිණි  .
 
මුලික අදියරේ දී  ආරක්ෂිතව මත්ස්‍ය  තොග ගොඩබෑමට සහ ධීවර කර්මාන්තයේ නිරත වීමට ධීවර යාත්‍රා පිටත් කිරීම පමණක් දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය සිදු කිරීමටත් සිදුකිරීමට කිරීමටත් ඉදිරියේ දී ඉන්ධන ජලය අයිස් සහ සේවා පහසුකම් සැපයීමටත් කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් පැවසීය .


 
 



අදහස් (0)

දික්ඕවිට ධීවර වරාය දින 6 කට පසු වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site