මිරීගම ප්‍රා.ස හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසට ප්‍රහාරයක් මීරිගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අජිත් තිලකරත්න මහතාගේ නිවසට අද( 29) කිසියම් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පිපුරුමක් සිදුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි 29 October 2020
බෝතල් මූඩිය උගුරේ සිරවී දරුවෙක් මරුට කුඩා බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් මාස 14ක දරුවකු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලීසිය කියයි. 29 October 2020
යාපනයේ කල්කුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීමෙන් පවුල් 87 ක් පීඩාවට යාපනය කල්ලුණ්ඩායි ප්‍රදේශයට මුහුදු ජලය ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 87 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවට පත්ව ඇති බවට ප්‍රදේශය භාර ආපදාකළමනාකරණ නිලධාරීහූ කියති. 29 October 2020
පරන්තන්හි අනතුරකින් මව - පුතා මරුට යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් මව සහ පුතා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි. 29 October 2020
මයික් පොම්පියෝ ආවාට රත්ගමදී විරෝධයක් ඇමරිකානු රජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිණීම ඇතුලු කාරණා රැසක් මුල් කර ගනිමින් අද (28) පස්වරුවේදි රත්ගම දී උද්ඝෝෂණයක් පැවැත්විණ. 28 October 2020
විදුලිසැර වැදී දෙදරු පියා මිය යයි විදුලි සැර වැදීමෙන් යක්කලමුල්ල ඇල්ල ඉහළ ප්‍රදේශයේ එක් දරු පියෙකු(28)අද මිය ගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි. 28 October 2020
දිවුලපිටියේ රාජ්‍ය බැංකුවකට ආ ගිය අය සොයයි දිවුලපිටිය නගරයේ රාජ්‍ය බැංකු ශාඛාවක් පසුගිය සදුදා විවෘත ව පැවති කාල සීමාවේදී එහි ආරක්ෂක නිලධාරියාගේ සහාය ලබා ගත් ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 28 October 2020
සෞඛ්‍ය සේවයකයා හැඳුනුම්පත යොදාගෙන ගංජා ඇදලා සිය සේවා හැදුනුම්පත භාවිතා කරමින් තණමල්විල සිට මාතරට කලක් තිස්සේ ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වු මාතර සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කාර්යාලයේ සේවකයෙකු ඇතුලු තිදෙනෙකු කාර් රථයක් සමඟ ලුණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ හා දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 October 2020
විදුලිබල මණ්ඩල සේවකයා යෝධ බේසමට ඇද වැටී මරුට ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වම් හා දකුණු ඉවුරුවලට ජලය බෙදාහරින යෝධ බේසම නම් ස්ථානයට අද(27) රාජකාරි කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු ඇදවැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව ඉඟිනියාගල පොලීසිය පවසයි. 27 October 2020
කොරෝනා ආසාදිතයන්ට ගාල්ලේ රෝහල් තුනක් කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය. 27 October 2020
දැරියක් රක්ෂිතයක රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියක දින දෙකක කාලයක් බලන්ගොඩ ’’ හාගය ’’ නැමැති රක්ෂිතයේ වාඩියක රදවාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු අද (27) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 27 October 2020
කලාවැව බළලුවැවේදී ඔරුව පෙරැළී ධීවරයෙක් මරුට කලාවැව බලලුවැව දී ඔරුවක් පෙරැළී යාමෙන් වයස අවුරුදු 23 ක ධීවරයකු මරුමුවට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 27 October 2020
බලන්ගොඩ නීතිඥ සංගමය සතියක් කටයුතුවලින් ඉවත්වෙයි රට තුළ උද්ගතවි ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අද (27) දා සිට සතියක කාලයක් වෘත්තීය කටයුතු වලින් ඉවත් විමට තිරණය කළ බව බලන්ගොඩ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ දේශබන්දු සුරිය පටබැදී මහතා පවසයි. 27 October 2020
ලක්ෂ 12 ක ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට ලක්ෂ 12 පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 10 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනකු , ගංජා ප්‍රවාහනය කළ ත්‍රීවිල් රථයක් සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 27 October 2020
කිලිනොච්චියේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් හමුවෙයි කිලිනොච්චිය, තිරුවෙයාරු, දෙවන පටුමඟ ප්‍රදේශයේ ඉඩමක තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 27 October 2020
මාතර නීතිඥ සංගමය වෘත්තීය කටයුතුවලින් ඉවත් වෙයි රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කළ බව එම තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කළ කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසීය. 26 October 2020
දරුවාත් - සැමියාත් ඉදිරිපිට කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කරයි සිය දරුවා සහ සැමියා සමග අද (26) හොරොව්පොතාන මුල්‍ය ආයතනයකට පැමිණි 33 හැවිරිදි කාන්තාවකට 22 හැවිරිදි තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි 26 October 2020
අඹන්පොළ ව්‍යාපාරික ස්ථාන අද-හෙට වසා දමයි අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය පැවසීය. 26 October 2020
ආඩිගම නිවසකට වෙඩි ප්‍රහාරයක් ආණමඩුව ආඩිගම නගරයේ නිවසකට අද (26 ) අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 26 October 2020
බොල්තුබේ ඔයේ ගිලී සරසවි සිසුවෙක් මියයයි බලන්ගොඩ පින්නවල බොල්තුබේ ඔයේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුර අද (25) සවස සොයාගත් බව පොලිසිය පවසයි. 25 October 2020
යුද හමුදා සෙබළාගේ ඝාතකයා මාස අටකට පසු අල්ලයි ඇල්පිටිය අඩා හැලෙන ඇල්ලේදි ඝාතනය කෙරුණ යුද හමුදා සෙබලාගේ ඝාතනයේ අවසන් සැකකරු මාස අටකට පසුව පලා ගොස් සිටියදි අද (25 ) උදේ අකුරැස්ස දියලපේ ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 25 October 2020
බද්දේගම 'කැළෑ ජෝන්' මොරටුවේදී අල්ලයි ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ බව කියන බද්දේගම කැලෑ ජෝන් නැමැති සැකකරුවෙකු හෙරොයින් සමඟ අද (25) අද ලුනාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය කියයි. 25 October 2020
ලක්ෂ 50 ක කේරළ ගංජා පේසාලෙයි මුහුදු තීරයකින් හමුවෙයි මන්නාරම පේසාලෙයි ඕලුතුඩුවායි වෙරලෙදී සඟවන ලද රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 25 ක් මන්නාරම යුද හමුදා සෙබලුන් විසින් සොයා ගනු ලැබීය. 25 October 2020
දකුණු පළාතේ රෝහල් 8 ක් සඳහා මිලියන 13 ක් කොරෝනා බවට සැකසහිත රෝගින් වෙන්කොට තැබීම සදහා දකුණු පළාතේ මුලික රෝහල් 08ක දැනට පවතින වාට්ටු පුළුල්කරගැනීම සදහා රුපියල් මිලියන 13ක මුදලක් වෙන්කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි. 24 October 2020
’පොඩි ලැසි’ගේ ගිනි අවි දෙකක් තෙල්වත්තේ නිවසකින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන ජනිත් මධුසංක හෙවත් ’පොඩි ලැසි’ නමැත්තාගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් විසින් සොයා ගත් බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 24 October 2020
දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම් කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්‍යාපාර, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වෙළදාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ අද (23) පැවති මාසික සභා රැස්වීමේදි තීරණය කෙරිණි. 23 October 2020
'තරණි' සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධූරයට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය වශයෙන්, තරණි අනෝජා ගමගේ මහත්මිය මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුභ මොහොතින් වැඩ බාර ගත්තාය. 23 October 2020
කසල තේ කිලෝ 6000ක් සමග දෙදෙනක් අත්අඩංගුවට කොළඹ සිට මාතලේ වසා දමා ඇති තේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන එන ලද කසල තේ කිලෝ 6000 ක් සමග ලොරි දෙක් හා සැකකරුවන් දෙදෙනෙකු අද(23) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය පවසයි. 23 October 2020
කොරෝනා ආසාදිතයන්ට නැ’හිර පළාතේ රෝහල් 4ක් කොරෝනා වයිරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර පළාතේ රෝහල් 4ක් පුහුණු කාර්ය මණ්ඩල සමග සූදානම් කළ බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 23 October 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025