
(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, තිරුවෙයාරු, දෙවන පටුමඟ ප්‍රදේශයේ ඉඩමක තිබි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
වගාවන් සඳහා පැරණි ඉඩමක් සකස් කිරීමේදී ඉඩමේ හිමිකරු පොළොව අභ්‍යන්තරයේවූ පුපුරණ ද්‍රව්‍ය තොගය දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ පරීකෂාවකදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 60 මෝටාර් උණ්ඩ , ගුවන් යානා නාශක උණ්ඩ සහ පතරොම් , ටි.56 පතරොම් , පැරාබෝම්බ හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා ෆියුස් තොගයක් සොයගත් බව පොලිසිය පැවසීය.
පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතාවට ගැනීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්ෂිතව පොළව අභ්‍යන්තරයේ සඟවා තබන්නට ඇති බවට සැක පළ කරයි.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිලිනොච්චියේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් හමුවෙයි