(රංජිත් රාජපක්ෂ)
කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්‍යාපාර, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වෙළදාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ අද (23) පැවති මාසික සභා රැස්වීමේදි තීරණය කෙරිණි.
හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම එම නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශාලාවේදි පැවැත්විණි.
සෑම වසරකම දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට සහ හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට හැටන් නගරය තුළ පදික වෙළඳාම සඳහා තාවකාලිකව ඉඩම් කැබලි ලබාදීමෙන් නගර සභාවට වාර්ෂිකව රුපියල් ලක්ෂ 65 ක පමණ මුදලක් ලැබී තිබුණි.
2020 වසරේ දිපාවලි උත්සවය නොවැම්බර් 14 දිනට යෙදී ඇත. දීපාවලි උත්සව සමයේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින වතුකරයේ විශාල පිරිසක් තම නිවාස වලට පැමිණෙන බවත්, ඔවුන් දීපාවලි උත්සව දිනයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවලට පැමිණෙන බවත්, දීපාවලි උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහාගෙන් ඉල්ලීමක් කිරීමටද මාසික සභා රැස්වීමේදි සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළ විය.
තවද හැටන් නගරයේ මාළු වෙළදසැල්වලට පසුගිය දින කිහිපය තුල පෑලියගොඩ මාළු වෙළඳපොළින් මාළු තොග වශයෙන් මිලදී රැගෙනවිත් අලෙවි කරන බවට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇති බැවින්, එම වෙළඳසැල් වසා දමා ඒවායේ සේවය කරන සේවකයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමටද මාසික සභා රැස්වීමේදි ඒකමතිකව තීරණය විය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම්