IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිතයන්ට ගාල්ලේ රෝහල් තුනක්

 

(ඩී.ජී. සුගතපාල)
 
කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
 
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඇතිවීමෙන් පසු මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ අතර  පුද්ගලයින් 4837කගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කර ඇති අතර එයින් ආසාදිතයින් 54ක් හඳුනාගෙන ඇති බවය.
 
කොරෝනා රෝගින් සඳහා දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහලක් නොමැති නිසා එම පිරිස ප්‍රතිකාර සඳහා ඉරණවිල,හම්බන්තොට,අයි.ඩී.එච්.රෝහල්වෙත යවා ඇති බවද තවත් 1277ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මේ වනවිට දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන 12ක 662ක් නිරෝධායනය වෙමින් සිටින බවය.
 
ආරච්චිකන්ද රෝහලේ ඇඳන් 200කින් යුත් වාට්ටුවක් කොරෝනා රෝගින් සඳහා වෙන් කරනු ලබන අතර එය ලබන සතියේදි ආරම්භ කරන බවත් එයට අමතරව අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල සහ කරන්දෙණිය රෝහල්ද කොරෝනා රෝගින් සඳහා වෙන් කිරිමට බලාපොරොත්තුවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.



අදහස් (0)

කොරෝනා ආසාදිතයන්ට ගාල්ලේ රෝහල් තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site