ලොරි අනතුරකින් කාන්තාවක් මරුට බදුල්ල හන්වැල්ල පහලවත්තේදී අද (23) ලොරි රථයක ගැටී අනතුරට පත්වූ 85 හැවිරිදි කාන්තාවක් මිය ගිය බව බදුල්ල පොලිසිය පවසයි. 23 October 2020
කහ වලට සහල් මිශ්‍ර කර අලෙවි කරන ස්ථානයක් වටලයි කහ වලට සුදු සහල් මිශ්‍ර කර මහා පරිමාණයෙන් අලවි කරණ ස්ථානයක් වටලා, අපිරිසිදු කහකුඩු කිලෝ 82 ක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි. 22 October 2020
ලක්ෂ 20ක මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට පෑලියගොඩ කළු පාලම අසලදී රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සහ රුපියල් 120,000 කට අධික මුදල් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුරු පළාත දිසා අපරාධ කොට්ඨාසය කියයි. 22 October 2020
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් අමාත්‍යංශ සංචිතයට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදී අභ්‍යන්තර ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සංචිතයට අනියුක්ත කර ඇතැයි, පුත්තලම දිසා ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි. 22 October 2020
යාපනයේ කොල්ල කල්ලියක 5 ක් පොලිස් දැලේ යාපනයේ නිවාස වලට ඇතුලු වී රත්තරන් , මුදල් හා ගෘහභාණ්ඩ සොරකමේ යෙදුණු කොල්ල කල්ලියක ප්‍රභලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 22 October 2020
ප්‍රා. ලේකම් එපා යයි කල්පිටියේ උද්ඝෝෂණයක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා තනතුරින් නෙරපා හරින ලෙස ඉල්ලමින්, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ ජනතාව අද (22 )දින කල්පිටිය නගරයට එක්ව උද්ඝෝෂණයක නිරත වූහ. 22 October 2020
මන්නාරමේ වෙල්යායකින් ඉපැරණි පිහි කැති සොයාගනී මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පුරණ්ඩිවේලි ග්‍රාමයේ ගොවීන් පිරිසකට වෙල්යායක තිබී පැරණි ජනාවාසයක භාවිත කරන ලද පිහි සහ කැති බවට සැකකෙරන ආයුධ කිහිපයක් හමු වී ඇති බව මන්නාරම පුරාවිද්‍යා කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පෙන්වා දෙයි. 22 October 2020
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය මහවැව ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට අද (22) වන අලියෙකු පහර දිමෙන් ඔහු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 22 October 2020
කරන්දෙණිය අනුරුද්ධගම ඝාතකයා අත්අඩංගුවට කරන්දෙණිය, අනුරුද්ධගම ඝාතනයේ සැකකරු අද (21) පස්වරුවේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 21 October 2020
රත්ගම නඩුවේ ජංගම දුරකතන 6 ක් මුදාහරී රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන්ගේ ජංගම දුරකතන 6 ක් සැකකරුවන්ට මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (21) නියෝග කළේය. 21 October 2020
මෝටාර් උණ්ඩ ඇතුළු අවි තොගයක් මන්නාරමෙන් සොයාගනී යුද සමයේදී භාවිතා කෙරුණු අධිබලැති යුදටැංකි නාශක පීඩන බෝම්බ, මෝටාර් උණ්ඩ ඇතුළු ගිනි අවි තොගයක් නාවික හමුදාව හා පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව මන්නාරම සහ පදවිය ප්‍රදේශයන්හි සොයාගැනීමට සමත්ව ඇත. 21 October 2020
ආයුධයකින් හිසට පහර දී අයෙකු ඝාතනය කරලා ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් හිසට පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 21 October 2020
සමුද්‍රදේවී දුම්රියේ හැපී අයෙක් මරුට මුහුදු බඩ මාර්ගයේ බලපිටිය, වැලිවත්ත ප්‍රදේශයේදී අද (20) රාත්‍රී 7.30 ට පමණ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍රදේවී දුම්රියේ ගැටී පිරිමි පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි අහුංගල්ල පොලිසිය කියයි. 20 October 2020
හාරිස්පත්තුව ප්‍රා.ස උණුසුම් වෙයි හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැට කෙටුම්පත අද (20) පැවැති එහි මාසික මහ සභාවේදී සභාපති ආනන්ද ජයවිලාල් මහතා විසින් සභා ගත කිරීමේදී සභාවේ දැඩි උණුසුම්කාරි තත්වයක් හට ගත්තේය. 20 October 2020
ගාල්ල මහ නගර සභා රැස්වීමේ ගාල ගෝට්ටියක් මන්ත්‍රීවරුන්ගේ මේස මත, සභාව ආරම්භ වීමට පෙර තබා තිබු ලිපියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කරුණු විමසීම හේතුවෙන් අද (20) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීම එකම ගාල ගෝට්ටියක් බවට පත්විය. 20 October 2020
වන අලියකුගේ පහරින් කතක් නසී අරලගංවිල නිකවතලන්ද ප්‍රදේශයේදී අද(20) වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක එම ස්ථානයේදීම මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 20 October 2020
බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි පසුගිය සභා වාර්තාව සමග ලබා දුන් ලැබීම් හා ගෙවීම් වාර්තා, ඉංග්‍රීසි අකුරුවලින් සිංහල උච්චාරණය අනුව (කෙටි පණිවිඩ යැවීමේදී භාවිතා කරන භාෂාවෙන්) මුද්‍රණය කරදීමට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පෑමත් සමග අද (20) බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම් විය. 20 October 2020
පාතාල සාමාජිකයකු මත්කුඩු සමඟ සේදවත්තෙන් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවන් සහ පාතාල නායකයන් කිහිපදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල සාමාජිකයකු හෙරොයින් මත්කුඩු සමඟ අද (20) ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත සිරිපාල පින්තු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 20 October 2020
රත්නපුර පුස්තකාල-ළමා උද්‍යාන වහයි රත්නපුර දිස්ත්‍රික්කයේ පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය. 20 October 2020
ලක්ෂ 3ක මත්කුඩු අඟුලානෙන් අල්ලයි රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා හෙරොයින් මත් කුඩු සමඟ පුද්ගලයෙකු අඟුලාන දෙවට පාරේ පාලම අසලදී අද ( 20 ) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි. 20 October 2020
නිධන් හැරූ දෙදෙනෙක් බඩුත් සමග අල්ලයි ගිරිඋල්ල පොලිස් වසමට අයත් වෑත්තෑව දංගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මුල්‍ය සමාගමකට අයත් අක්කර හතහමාරක පමණ පොල් ඉඩමක පිහිටි ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම උපයෝගි කරගත් උපකරණ සමග අද (19) රාත්‍රී 7.30 ට පමණ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලීසිය කියයි. 19 October 2020
නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න දුරකතන-ඊමේල් ඔස්සේ කියන්න පළාතේ ජනතාවගේ ගැටළු දුරකතන මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් ලබාගෙන ඒවාට කඩිනම් විසදුම් දීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (19) තීරණය කළාය. 19 October 2020
කෑගල්ලට කාර්මික විශ්වවිද්‍යාලයක් කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා උපාධිධාරීන් බිහිකරන කාර්මික විශ්ව විද්‍යාලයක් කෑගල්ල ගලිගමුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරියේදී ඉදිකිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. 19 October 2020
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය අන්තර්ජාලය ඔස්සේ කොවිඩ් 19 වයිරස තත්වය හේතුවෙන් මහජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණීමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය අද(19) කටයුතු කළේය. 19 October 2020
නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ චීන ජාතිකයකුට දඩ කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර සන්තකයේ තබා ගත්තැයි වරද පිළිගත් චීන ජාතිකයාට රුපියල් 280,000ක දඩයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය. 19 October 2020
’පංචිකාවත්තේ නෙවිල්’ ගංජා-ගිනි අවි සමඟ අත්අඩංගුවට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන ’කෙසෙල්වත්තේ දිනුක’ නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන ’පංචිකාවත්තේ නෙවිල්’ නැමැත්තා ගිනි අවියක් සහ කේරළ ගංජා තොගයක් සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන ඒකකය කියයි. 19 October 2020
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට පිළියන්දල බණ්ඩාරගම මාර්ගයේ බටුවන්දර හන්දිය අසල දී මෝටර් රථයක් සහ සිමෙන්ති පැට වූ ලොරි රථයක් මීට සුළු මොහොතකට පෙර දී මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියැදුරු එම ස්ථානයේදීම මිය ගිය බව පිලියන්දල පොලිසිය කියයි 19 October 2020
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 5ක් රෝහලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙකු අද (19) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසයි. 19 October 2020
නිවාස කොල්ල කෑ යුවළක් ඇතුළු පහක් ලක්ෂ 15 ක රන් අභරණ සමඟ දැලේ පොලිස් නිලධාරීන් ලෙස හදුන්වා දෙමින් නිවාස තුළට ඇතුල් වී නිවාස පරීක්ෂාවේ නිරතව රුපියල් ලක්ෂ 15 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑ “කහංතොට සුද්දා” නමැති විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙකු සමගින් අඹුසැමි යුවලක් ඇතුළු පස් දෙනෙකු අද (19) දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 19 October 2020
බලන්ගොඩ-රාස්සගල මාර්ගයේ ගමන් නවති බලන්ගොඩ රාස්සගල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයට අද (18) සවස ගසක් කඩා වැටිම හේතුවෙන් මේ වන විට වාහන ගමනාගමන සම්පුර්ණයෙන්ම ඇන හිටි ඇත. 18 October 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026