(රොමේෂ් මධුෂංඛ)
යාපනයේ නිවාස වලට ඇතුලු වී රත්තරන් , මුදල් හා ගෘහභාණ්ඩ සොරකමේ යෙදුණු කොල්ල කල්ලියක ප්‍රභලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය නගරයේ පිහිටි නිවාස වෙතට ඇතුලු වී කොල්ලකෑමේ අදාල කල්ලිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදීසි මෙහෙයුමකදී අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් සමීපයේ තිබී යතුරුපැදි තුනක්, රන් පවුම් 20 ක් පමණ, රුපියල් ලක්ෂ 20 කට අධික ගෘහ භාණ්ඩ ඇතුලු තවත් උපකරණ රැසක් පොලීසිය වසින් සොයාගෙන ඇත.
කොල්ල කල්ලිය විසින් යතුරුපැදි වලින් ගොස් කොල්ල කන ලද භාණ්ඩ හා රත්තරන් වෙනත් ප්‍රදේශයන්ට රැගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වී ඇති බවටද පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය දිස්ත්‍රීක්කයේ කොල්ලකෑම් රැසකට සමබන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර අදාල පිරිස් යාපනය නගරයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීිසිය වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයේ කොල්ල කල්ලියක 5 ක් පොලිස් දැලේ