(ටී.කේ.ජී.කපිල)

රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක්  වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්  අද (28) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා අවුරුදු 30 සහ 35 වයස් වල පසුවන චීන ජාතික ව්‍යාපාරික කාන්තාවන් වේ .

ඔවුන් මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 51,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 258 ක් සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .