
(උපාලි ආනන්ද)
මීගමුව බන්ධනාගායේ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 12 දෙනකු සහ රැදවියන් 20 දෙනකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින සැකකාර සිරකරුවන් සැප්තැම්බර් මස 8 දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ඒ ඒ සැකකාර සිරකරුවන් රදවා සිටින බන්ධනාගාර වල අධිකාරිවරුන්ට නියෝග කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය සැකකරුවන් හඳුන ගැනීම සඳහා එදින අධිකරණය හමුමේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සාක්සිකරුවන් 20 දෙකුට සිතාසි නිකුත් කළාය.
මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩුව (28) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව දැනට නම් කර ඇති සැකකරුවන් ගණන 70 ක් බවයි.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවද ප්‍රකාශ කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙකී විමර්ශන වලට අදාළව මේ වන විට බන්ධනගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිරකරුවන් සහ සිවිල් පුද්ගලයින් ඇතුලුව 2100 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද අධිකරණයට දැන්වීය
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය ඉන්දීය ජාතිකයාගේ මෘත දේහය හඳුනා ගැනීමට ඔහුගේ ඥාතීන් නොපැමිණෙන බව ඊ මෙල් පනිවිඩයක් මගින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දන්වා ඇති බව අධිකරණයට පවසා සිටියේය. අ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd