
(මහේෂ් කිර්තිරත්න)
පළාතේ ජනතාවගේ ගැටළු දුරකතන මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් ලබාගෙන ඒවාට කඩිනම් විසදුම් දීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (19) තීරණය කළාය.
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා විශේෂ සෞඛ්‍ය උපදෙස් මත දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතන මහජන කටයුතු සීමා කර ඇති බැවින් ආණ්ඩුකාරවරිය මෙම තීරණය ගෙන තිබේ. මෙම වෛරසය නිසා ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීම තවදුරටත් කල්දැමීම සාධාරණ නොවන බැවින් ආණ්ඩුකාරවරිය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇත.
දුරකතන සහ ඊමේල් පණිවිඩ වලට අමතරව තැපැල් මගින් ද ජනතාවට සිය ඉල්ලීම් සහ ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සලසා දී තිබේ.
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම මෙන්ම විවිධ ඒජන්තවරුන් හරහා ජනතාව මුලා විමේ අවස්ථාද මෙමගින් නතරවනු ඇත.
ඒ අනුව ආණ්ඩුකාර කාර්යාලය, ඕස්හිල්, ත්‍රිකුණාමලය යන ලිපිනයටද, 026-2222102 යන දුරකතන අංකය හරහා ද, [email protected] යන ඊමේල් ලිපිනය හරහා ද ජනතාවට ගැටළු ඉදිරිපත් කළ හැක.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න දුරකතන-ඊමේල් ඔස්සේ කියන්න