
(එම්. සුසිල් ප්‍රියන්ත සහ එස්.ඒ.වයි.ද සිල්වා)
පසුගිය සභා වාර්තාව සමග ලබා දුන් ලැබීම් හා ගෙවීම් වාර්තා, ඉංග්‍රීසි අකුරුවලින් සිංහල උච්චාරණය අනුව (කෙටි පණිවිඩ යැවීමේදී භාවිතා කරන භාෂාවෙන්) මුද්‍රණය කරදීමට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පෑමත් සමග අද (20) බලපිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම උණුසුම් විය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. ඩබ්. සෙනරත් මහතා තමන්ට ලබාදුන් එම වාර්තාව සභා ගර්භයේදීම ඉරා දැමීමත් සමග මෙම තත්වය හටගැනිණි.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වාර්තාව මුළු බලපිටියට මෙන්ම සිංහල ජාතියට ම අවමානයක් බව පැවසූහ. හරිමන් සිංහලත් නැති හරිහමන් ඉංග්‍රීසි භාෂාවත් නැති මේ වාර්තාව වහාම හකුලා ගන්නා ලෙස සභාපති ලෙස වැඩ බැලූ උප සභාපති සුනිල් විජේරත්න මහතාගෙන් ඔවුහු ඉල්ලා සිටියහ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හමුවේ අදහස් ප්‍රකාශ කළ උප සභාපති සුනිල් විජේරත්න මහතා කීවේ තමන්ද එම වාර්තාව අනුමත නොකරන බවත් මේ වාර්තාව ලබන මාසයේදී නියම සිංහල භාෂාවට හරවා ලබාදීමට කටයුතු කරන බවත්ය.
උප සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ සභාව යළි යථා තත්වයට පත්විය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි