IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රා. ලේකම් එපා යයි කල්පිටියේ උද්ඝෝෂණයක්

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා  තනතුරින් නෙරපා හරින ලෙස ඉල්ලමින්, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ  ජනතාව අද (22 )දින කල්පිටිය නගරයට එක්ව උද්ඝෝෂණයක නිරත වූහ.
 
 මීට ආසන්නම හේතුව ලෙස එම කාර්‍යාලයේ සේවයේ නිරත, ග්‍රාම  නිළධාරිනියකට  දුරකථනයෙන් වාචිකව ලිංගික අතවර කිරීමේ චෝදනාවක් ඇතුලු ප්‍රාදේශීය ලේකම්වරයාගේ විවිධ අකටයුතුකම් ඇති බවට ඔවුහූ චෝදනා නැගූ හ.
 
මේ වන විට, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වරයා, පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයෙ අපරාධ නඩුවක සැකකරුවෙකු වශයෙන් ඇප මත පසු වෙන්නෙකි.
 
මෙම අවස්ථාවට කල්පිටිය කන්ද කුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදි වැව දියසේන හිමියන් ඇතුලු,ප්‍රදේශවාසී ජනතාව ද සහහාගී වී සිටිය හ. මීට සමගාමීව නගරයේ සියලු කඩ සාප්පු වසා දමා තිබිණි.
 
මෙම අවස්ථාව අධීක්ෂණයට පැමිණ සිටි කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය  නිළධාරී උදාර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ නිරෝධායනයක් රටේ ක්‍රියාත්මක වන මෙවැනි අවදානම් සමයක,ජනතාව ඒක රාශී කිරීමේ දී,  සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරී කාර්‍යාලය දැනුවත් කළ යුතු වුව ද එවැන්නක් සිදු නොකිරීම පිළිබදව සිය අප්‍රසාදය පළකරණ බව ය.
 
කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීර සිංහ ඇතුලු කල්පිටිය පොලිසිය විශේ මුර සංචාරක් ද යොදා තිබිණි.



අදහස් (0)

ප්‍රා. ලේකම් එපා යයි කල්පිටියේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site