
(කේ බුද්ධික කුමාරසිරි )
පොලිස් නිලධාරීන් ලෙස හදුන්වා දෙමින් නිවාස තුළට ඇතුල් වී නිවාස පරීක්ෂාවේ නිරතව රුපියල් ලක්ෂ 15 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑ “කහංතොට සුද්දා” නමැති විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයෙකු සමගින් අඹුසැමි යුවළක් ඇතුළු පස් දෙනෙකු අද (19) දින අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
හෝමාගම හබරකඩ මුල්ලේගම ප්‍රදේශයේ තරුණියකගේ ගෙලට පිහියක් තබා මරා දමන බවට බිය කර ගෙල බැඳ තිබූ රන් මාලයක් කොල්ල කා පලා යාමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අතුරුගිරිය පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින් සිදු කළ විමර්ශණයකදී මෙම කොල්ල කල්ලිය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
හබරකඩ මුල්ලේගම දී සහ මාලබේ සුදර්ශණ මාවතේදී මෙලෙෂ යතුරු පැදියකින් ගොස් ගෙලට පිහියක් තබා රන් මාල කොල්ලකෑම් සිදු කර ඇති බවත් ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිළදාරීන් බව පවසමින් ඇතුළු වී එහි සිටි කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට සැරසී පවසු නිවස සෝදිසි කළයුතු බව පවසා නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමෙන් යුත් රන් භාන්ඩ සහ මුදල් සොරා ගැනීම සහ කුළු බඩු වර්ග අලෙවියේ නිරතව තිබූ ලොරි රථයක් පොලිස් නිලදාරීන් ලෙසද පවසා පරීක්සා කිරීමට කටයුතු කර එහි තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලකෑම ඇතුළු විවිධ කොල්ලකෑම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි
මෙලෙෂ අත් අඩංගුවට ගත් “කහංතොට සුද්දා” නමැති විවිධ අපරාධ වලට සම්බන්ධ ප්‍රධාන සැකකරු එම පවුලේ හෙරොයින් මත්කුඩු ලග තබා ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විට ද බන්ධනාගාර ගතව සිටින බවත් සැකකරුගේ සහෝදරිය සහ ඇගේ සැමියා ද තවත් දෙදෙනකුද එක්ව ප්‍රදාන සැකකරුගේ සැළසුම් අනුව මෙම කොල්ලකෑම් සිදු කර ඇති බව සිදු කල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
සැකකරුවන් කොල්ල කා තිබූ රන් බාණ්ඩ තොගයෙන් කොටසක් රුපියල් ලක්සයකට කුරුණෑගල ප්‍රදේහයේ පුද්ගලයෙකුට විකුනා තිබූ ඝණ දේව ප්‍රතිමාවක් රිදී භාන්ඩ තොගයක් රුපියල් පනස් දහසකට අලෙවි කළ බව කියන කුඩා වාලම්පූරියක් සහ මංකොල්ලකෑම් සදහා යොදා ගත් යතුරුපැදියක් ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත
අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනාම මාලබේ කහංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවාස කොල්ල කෑ යුවළක් ඇතුළු පහක් ලක්ෂ 15 ක රන් අභරණ සමඟ දැලේ