
(එම්. සුසිල් ප්‍රියන්ත)
මුහුදු බඩ මාර්ගයේ බලපිටිය, වැලිවත්ත ප්‍රදේශයේදී අද (20) රාත්‍රී 7.30 ට පමණ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍රදේවී දුම්රියේ ගැටී පිරිමි පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි අහුංගල්ල පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා මෙතෙක් හදුනා නොගත් බවද පොලීසිය කියයි.
සතියක් ඇතුලත සිය පොලිස් බල ප්‍රදේශයේ දුම්රියේ ගැටි සිදුවූ දෙවැනි මරණය මෙය බවද පොලීසිය කියයි.
අද (20) දින දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ දේහය බලපිටිය මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගත් බවද පොලීසිය කියයි.
අහුංගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd