
(නයෝමි දිල්රුක්ෂි)
කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා උපාධිධාරීන් බිහිකරන කාර්මික විශ්ව විද්‍යාලයක් කෑගල්ල ගලිගමුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරියේදී ඉදිකිරීමට කටයුතු කරන බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
දිසාපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද (19) පස්වරුවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආශා කරුණාරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසාජිත් කපිල දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකාච්ඡාවකට එක්වෙමිනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධන කිරීම සඳහා ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ලබා දීමට එම විශ්ව විද්‍යාලය තුළින් හැකිවන බවද දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශ්ව විද්‍යාලයේ පාඨමාලාවන් සඳහා අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බඳවා ගැනීමට නියමිතය.
දිස්ත්‍රික්කයේ ප්‍රාථමික කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා උපාධි පාඨමාලා මෙහිදි සකස් කරේ. මැටි, බතික්, කිතුල්, ඇගළුම්, රබර්, තේ, පොල් ආශ්‍රිත කර්මාන්ත මෙන්ම කුළුබඩු සහ සම් ආශ්‍රිත කර්මාන්ත කෙරෙහිද එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.
මෙම විශ්වවිද්‍යාලය තුළින් බිහිවන ඩිප්ලෝමා සහ උපාධිධාරීන්ගේ දායකත්වය ලබාගෙන ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, සැළසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගාමිණී ඒකනායක, දිස්ත්‍රික් සැළසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂක අනූෂා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 30
121
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෑගල්ලට කාර්මික විශ්වවිද්‍යාලයක්