IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්ගම නඩුවේ ජංගම දුරකතන 6 ක් මුදාහරී

(ඩී.ජී.සුගතපාල)

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන්ගේ ජංගම දුරකතන 6 ක්  සැකකරුවන්ට මුදා හැරීමට  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (21) නියෝග කළේය.

නඩුව කැඳවු අවස්ථාවේ නඩු භාණ්ඩ ලෙස ඇති සැකකරුවන්ගේ ජංගම දුර කතන ඔවුනට මුදා හරින ලෙස  නිතිඥවරු ඉල්ලා සිටියහ.

එහිදි පැමිණිල්ල මෙහෙයවන ලද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයට කියා සිටියේ විමර්ශන අවසන් කර ඇති ජංගම දුරකතන 6ක් මුදා හැරීමට විරෝධයක් නොමැති අතර තවත් එක් ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරමින් පවතින බවය. ඒ අනුව දුරකතන 6 සැකකරුවන් වෙත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23වන දින  පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් 17දෙනා වෙති.

එම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දැමිම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් 15දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම මළ සිරුරු වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ පුළුස්සා දැමීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 

වැඩිදුර නඩු විභාගය ලබන මාර්තු 24වනදිනට කල් තබන ලදි.

 



අදහස් (0)

රත්ගම නඩුවේ ජංගම දුරකතන 6 ක් මුදාහරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 122 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site