කොරෝනා මැද සාදයක් පැවැත්වූ නිවැසියාට නඩු කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියකු සාදයකට සහභාගී වීම හේතුවෙන් නිකවැරටිය ,දියගම ප්‍රදේශයේ පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (4) පැවසීය. 04 November 2020
හැටන් මහජන වෙළඳපොළ විවෘත කෙරේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළඳපොළ භූමියෙන් හමුවීමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළඳපොළ භූමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද(04) ආරම්භ විය. 04 November 2020
දහම්පාසල් ගුරුවරියන්ට සළුසලෙන් නොමිලේ සාරි දහම් පාසල් ගුරුවරියන්ට නොමිලේ බෙදාදීම සඳහා දේශීයව නිෂ්පාදිත සාරි 76,000 ක් සළුසල ආයතනයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 03 November 2020
සෞඛ්‍ය පරීක්ෂකවරු බෙලිඅත්තේ සාදයක් නවතති බෙලිඅත්ත පට්ටියවෙල ප්‍රදේශයේ අද (03) රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මංගල්‍යයක දෙවැනි දින සාදය නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ. 03 November 2020
මාලිගාවත්ත ’ඇපල්වත්ත’ නිවාස සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරැඹෙයි මාළිගාවත්ත ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු අද (03) ආරම්භ විය. 03 November 2020
නාවුල ප්‍රාදේශිය සභාවේ අයවැය ඒකමතිකව සම්මතවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2021 අයවැය වාර්තාව අද (03) එකමතිකව සම්මත විය. 03 November 2020
කොළඹ වරායේ සේවකයන් 200 කගෙන් පීසීආර් ගනී කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක සේවක සේවීකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. 03 November 2020
බලපිටියේ ග්‍රාමීය බැංකු ශාඛා සතියට දින තුනක් වහයි කොරෝනා අවදානම් කලාපයක් ලෙස බලපිටිය හදුනා ගැනීමත් සමගම සිය ආයතනයට අයත් ග්‍රාමීය බැංකු ශාඛා වැඩකරන සතියේ දින තුනක් පමණක් විවෘත කිරීමට අද (3) තීරණය කළ බව බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතිය කියයි. 03 November 2020
පින්නවල නිරෝධාන මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වු රඹුක්කන පින්නවල ඇගලුම් ආයතනය කොවිඩ් - 19 ප්‍රතිකාර රෝහලක් ලෙස ස්ථාපිත කර ඇති අතර එහි ආසාදිතයින් 230 ක් දැනට ප්‍රතිකාර ලබයි. 03 November 2020
සබරගමුවේ 7 වැනි උපකුලපති වැඩ අරඹයි සබරගමුව විශ්ව විද්‍යලයේ හත් වැනි උපකුලපති වරයා වශයෙන් මහාචාර්ය උදය රත්නායක මහතා අද (3)දින එම විශ්ව විද්‍යාලයේ උපකුලපති කාර්යාලයේදී වැඩ බර ගත්තේය. 03 November 2020
බදුල්ල ලංගම ඩිපෝවේ 8 ක් ස්වයං නිරෝධායනයට කෝවිඩ් 19 වයිරසය ආසාදිත වූ කොළඹ ප්‍රදේශයේ පොලිස් නිළධාරියකු ඇසුරු කළ බව කියන ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සේවකයන් 8 දෙනකු අද(2) දින ඔවුන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධනයට ලක් කළ බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ . 02 November 2020
වතුපිටිවල - යක්කල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් කොවිඩ්- 19 ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල සහ යක්කල යන ප්‍රදේශවල අලුතින් ආරම්භ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකට ආසාධිතයන් ඇතුළත් කර ගැනීම අද (01)සිට ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි. 01 November 2020
නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් කරයි මේ වනවිට දිවයිනේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති තත්වය මත, හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් -19 ප්‍රතිකාර ඒකකයක් බවට පත් කළ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි නාමල් සමරසේකර මහතා පැවසීය. 01 November 2020
අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි මෙතෙක් නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පැවති අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික විද්‍යාපීඨය ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 01 November 2020
වව්නියාව ඊච්චන්කුලම වැව් රක්ෂිතයේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී වවුනියාව , ඊච්චන්කුලම වැව් රක්ෂිත ප්‍රදේශයේ වළදමා තිබූ ටි. 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි. 01 November 2020
නීති විරෝධිව රැගෙනවිත් තිබූ කහ තොගයක් නාවික හමුදා බාරයට පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී නාවික හමුදා විසින් සිදුකළ වැටලම් දෙකකදී ඉන්දියාවේ සිට නීති විරෝධි ආකාරයෙන් මෙරටට රැගෙන එමින් තිබු කහ කිලෝ 3,642 ක් අත් අඩංගුවට ගත් බව කියයි. 01 November 2020
මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් හමුවෙයි මන්නාරම නානාට්ටාන් සහ මුරුන්ගන් ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි කිරීම් වලදී කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම යුද හමුදාව පවසයි. 01 November 2020
පාතාල සාමාජිකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගිනි අවි පෙන්වා බියවද්දා බස් රථයක මගීන්ගේ මුදල් කොස්ගොඩදි මංකොල්ලකා විදෙස් රටකට ගොස් සැගවී සිටි පාතාල කණ්ඩායම් සාමාජිකයකු වූ ප්‍රධාන සැකකරු වසර පහකට පමන පසුව බලපිටිය පාතේගම සිය නිවසේදි එකවර පතුරම් හයක් දැමිය හැකි බෝර දොලහ වර්ගයේ ෂෝට් කටස් නමැති ගිණි අවියක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි. 01 November 2020
වීරකැටියේ ගැටුමකින් 17 හැවිරිදි සිසුවා මරුට වීරකැටිය වෑකඳවල ඩී-8 ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ජීවිත්කෂයට පත්ව තවත් 5 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වීරකැටිය පොලිසිය කියයි. 31 October 2020
රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි ගාල්ල සහ අවට ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් 19 අසාධිතයින්ගේ ප්‍රමාණයන් සලකා බලා රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොවිඩ් 19 හුදෙකලා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටකටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කන්චිත සමරසේකර මහතා පවසයි. 30 October 2020
දිවුලපිටියටම එක ඔසුසැලයි දිවුලපිටියේ නගරයටම ඇත්තේ එකම එක ඖෂධ අලෙවි සැලක් පමණක් බවත් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවක දී පවා දිවුලපිටියේ ඖෂධ අවශ්‍ය සියලු දෙනාට එහි පැමිණ ඖෂධ ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවත් ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි. 30 October 2020
බලන්ගොඩ සමෘද්ධි මධ්‍යස්ථානය කෝවිඩ් රෝහලක් කරයි බලන්ගොඩ වටවල පිහිටි සමෘද්ධි මධ්‍යස්ථානය අද (30) සිට කෝවිඩ් රෝගීන්ට නේවාසික රෝහලක් බවට පත් කිරීමට පියවර ගෙන ඇතැයි බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ.කොතලාවල මහතා සඳහන් කළේය. 30 October 2020
ඇඳිරි නීතිය අස්සේ දැව ජාවාරමුන් රජ ගමනේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අවස්ථාවේ පන්නල - කංකානියමුල්ල රක්ෂිතයෙන් හොර රහසේ කපා ගත් මිල්ල දැව ගස් 02 ක් එම රක්ෂිතය ආසන්නයේ පිහිටි නිවෙසක ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබියේදී එක් සැකකරු සමග අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය අඩවිවන නිළධාරි කාර්යාලය පවසයි. 30 October 2020
කොරෝනා සෑදි ඇතැයි පවසා පලා ගිය කොල්ලකරු අල්ලයි තමන්ට කොරෝනා වැළඳී ඇති බව පවසා ප්‍රදේශවාසීන් මුලාකර ඔවුන්ගේ ග්රහණයෙන් මිදී පළාගිය කොල්ලකරුවෙකු කිරුළපන පොලිසිය විසින් අද(30) අත්අඩංගුවට ගෙන තිබේ. 30 October 2020
කළුතර නාගොඩ රෝහලෙන් පලාගිය සැකසහිත ආසාදිත රෝගියා සොයාගනී කළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකසහිත රෝගියා අද (29) මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි. 29 October 2020
නිවස ඉදිකරමින් සිටි පෙදරේරුවා පොලු පහරින් නසී පොල්ගස්ඕවිට ජයලියගම ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් තුළදී අද (29) කිසියම් පුද්ගලයකු යකඩ පොල්ලකින් හිසට පහර දීමෙන් පෙදරේරුවෙකු ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 29 October 2020
සහන කාලයේදී පානදුර පොදු වෙළෙඳපොළේ වෙළඳාම තහනම් නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා සහන කාලයක් ලබාදුන්නද පානදුර දකුණ පොලිස් වසමට අයත් පොදු වෙළෙඳපොළ හා ඒ අවට ව්‍යාපාර කටයුතු සඳහා අවසර නොදීමට තීරණය කළ බව උසස් රාජ්‍ය නිලධාරීයෙක් පැවැසීය. 29 October 2020
නිරෝධායන පවුල්වලට සහන සලසන්න කොළඹ ප්‍රා.ලේ. කාර්යාලවලට මිලියන 130ක් කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කට මුදල් ලබා දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය. 29 October 2020
නුවරඑළිය මහ නගර සභාවට නව මන්ත්‍රීවරියක් නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස වින්ද්‍යා හංසනී මෙනවිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නාය. 29 October 2020
ලිඳුල නගර සභාවේ නව සභාපති වැඩ බාරගනී තලවකැලේ- ලිඳුල නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ලෙච්චුමන් භාරතිදාසන් මහතා අද (29) වැඩබාරගත්තේය. 29 October 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025