IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මැද සාදයක් පැවැත්වූ නිවැසියාට නඩු

(ප්‍රියාණි මංගලිකා )
                     
කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියකු සාදයකට  සහභාගී වීම හේතුවෙන් නිකවැරටිය ,දියගම  ප්‍රදේශයේ පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් එම සාදය පැවැත්වූ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (4) පැවසීය.
                      
නව ගැසට් නිවේදනය අනුව ,රෝග වැලැක්වීමේ හා නිරෝධායන පනත ප්‍රකාර මෙම උපන් දින සාදය පැවැත්වූ  පුද්ගලයාට නඩු පැවරීමට පියවර ගත් බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කලේය .

සෞඛ්‍ය අංශවල මාර් ගෝපදේශ හෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත නොවී,  වසරක් වයසැති දරුවෙකු ගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන ලද  මෙම මත් පැන් සාදය සඳහා,කොළඹ ප්‍රදේශයේ සේවය කරණ අසල් වැසි  හිතවතෙකු වූ  ආසාදිත පොලිස් නිලධාරීයාද සහභාගී වී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
                       
ඒ අනුව වැඩිදුරටත්  පරීක්ෂණ සිදු කල සෞඛ්‍ය නිලධාරීන් ,එම සාදයට සහභාගී වූ පොලිස් නිලධාරීයාගේ පවුලේ සාමාජිකයන් සහ සාදය පැවැත්වූ නිවසේ සාමාජිකයන් හා එයට සහභාගී වූ  දියගම ප්‍රදේශයේ  පවුල් 39 පුද්ගලයන් 165ක් නිරෝධායනයට ලක් කිරීමට වහා පියවර ගත් බවද එම කාර්යාලය සඳහන් කලේය .
                     
දියගම ප්‍රදේශයේ වෙළඳ සැල් කීපයක්ද වසා දමා ,මේ වන විට පොලිස් මුර පොළක්ද යොදවා ,සංචරණ නීති පනවා අවට මාර් ග වලටද දැඩි රැකවල් යොදවා ඇති බවද නිකවැරටිය මූලස්ථාන පොලිසිය සඳහන් කලේය .



අදහස් (0)

කොරෝනා මැද සාදයක් පැවැත්වූ නිවැසියාට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site