
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී නාවික හමුදා විසින් සිදුකළ වැටලම් දෙකකදී ඉන්දියාවේ සිට නීති විරෝධි ආකාරයෙන් මෙරටට රැගෙන එමින් තිබු කහ කිලෝ 3,642 ක් අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය එත්තාල එරඹුගෝඩැල්ල ප්‍රදේශයේදී උර 65 ක අසුරා තිබු කහ කිලෝ 2045 ක් සේම උඩප්පුව පෙරියපාඩු වෙරළ තිරයේදී උර 45 ක අසුරා තිබු තවත් කහ කිලෝ 1600 ක ප්‍රමාණයක් බව කියයි.
වැටලිම් වලදී අත් අඩංගුවට ගත් කහ තොගයේ වටිනාකම ලක්ෂ 150 කට ආසන්න බවද කියයි.
අදාල කහ ඉන්දියාවේ සිට නීරෝධායන නීති කඩකරමින් නීති විරෝධි අයුරින් ධිවර යාත්‍රා මගින් රැගෙන විත් ඇති බවත් අදාල කහ තොග කටයුතු කළ සැකකරුවන් 13 දෙනෙකුද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
වැටලිම් වලදී ලොරි රථයක් , ධිවර යාත්‍රාවක් , හා යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගත් කහ තොගය ශ්‍රී ලංකා රේගුවට බාර දීමට කටයුතු කරමින් තිබු අතර සැකකරුවන් කල්පිටිය හා උඩප්පුව පොලිස්ථාන වෙත බාර දිම සිදුකර තිබුණි.
වැටලිම් සදහා කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ නිළධාරින් හා උඩප්පුව නාවික හමුදා අණු කණ්ඩයේ නිළධාරින් එක්ව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් කහ ගේනවයි කියන්නේ. මේ කහත් එක්ක කොරෝනාවත් ගෙනාවයි කියන එක නේද? පාලනයක් පරීක්ෂණයක් නැතුව අපේ රටට ගෙන්නන දේවල් තමයි හුඟක් ලෙඩ රෝග වසංගත දද කුෂ්ට අපේ රටේ පතුරවන්නේ