IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාතාල සාමාජිකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත )                 

ගිනි අවි පෙන්වා  බියවද්දා බස් රථයක මගීන්ගේ මුදල් කොස්ගොඩදි  මංකොල්ලකා විදෙස් රටකට ගොස් සැගවී සිටි පාතාල කණ්ඩායම් සාමාජිකයකු වූ ප්‍රධාන සැකකරු වසර පහකට පමන පසුව බලපිටිය පාතේගම සිය නිවසේදි එකවර පතුරම් හයක් දැමිය හැකි බෝර දොලහ වර්ගයේ ෂෝට් කටස් නමැති ගිණි අවියක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.


මේ සකකරු ඊයේ (31) රාත්‍රියේදි සිදු කල විශේෂ මෙහෙයුමකදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද එම ඒකකය කියයි.
                   

සැකකරුගේ නිවසේ තිබියදී අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිවූ ගලවා තිබූ රථ වාහන අංක තහඩු දෙකක්ද මේ සමගම සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු සමත්වූහ.
 
                                                    

කොස්ගොඩදි බස් රථය මංකොල්ල කෑ සැකකරු ඩුබායි රටට පලාගොස් සිටි බවත් එහිදි ඔහු එම රටේ සිටින මෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු සමග මෙන්ම මේ රටේ සිටින පාතාල කණ්ඩායම් සමගද  සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරනය කර ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකු පැවසීය.
           

මේ ඒකකය විසින්ම මීට දින කිහිපයකට උඩදි බලපිටිය පාතේගමදිම  ගිනි අවි ඇතුලු ආයුධ ලග තබා ගත් පෞද්ගලික දුරකතන සමාගමක ප්‍රාදේශීය කලමණාකරුවෙකුද සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගන්නා ලදි.
           

ගිනි අවිය සමග ඊයේ (31) රාත්‍රියේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැණුනු සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා අහුන්ගල්ල පොලීසියට පොලිස් විශේෂ කාර්‍ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් භාර දෙන ලදි.
         

තමන්ට භාරදුන් මේ සැකකරු අද (1 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන බව අහුන්ගල්ල පොලීසිය කියයි.



අදහස් (0)

පාතාල සාමාජිකයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site